බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී පිහි ඇනුම් වලට ලක්ව ඝාතනය වී ඇති ශී්රලාංකික ශීෂ්යයෙකුගේ මරණය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
තවීෂ ලක්නිදු පීරිස් (25) නම් වන මේ සිසුවා ෂෙෆීල්ඩ්හි හෙලාම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්රය සදහා වන උපාධියක් ලබා ඇති හෙතෙම සුදුසු රැකියාවක් ලැඛෙන තෙක් ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
තවීෂ ඝාතනයට ලක්වී ඇත්තේ පාරිභෝගිකයෙකු එම අවන්හලෙන් ඇනවුම් කළ ආහාර එම පාරිභෝගිකයාගේ නිවසට භාරදීමට යමින් සිටියදී බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත.
අවන්හල් හිමිකරු පවසන ආකාරයට එදින තවීෂ තමන් එම අවන්හලේ සේවය කරන අවසන් දිනය බව පවසා තිබේ.තම උපාධියට ගැලපෙන රැකියාවක් ලැබී තිඛෙන බව කියමින් සිටි ඔහු සිටියේ උද්යෝගයෙන් බව අවන්හල් හිමිකරු කියයි.
තවීෂ ළග තිබූ මුදල් හෝ කිසිවක් පැහැරගෙන නොමැති අතර මෙනිසාම මෙම ඝාතනය ඔහු හොදින් හදුනන පුද්ගලයෙකු අතින් සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.මුලදී ආහාර ඇනවුම භාරගැනීමට සිටි පුද්ගලයාව සැක කළද ඔහු හා මෙම සිදුවීමේ කිසිත් සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.
තවීෂගේ ඝාතකයින් ඉක්මනින්ම නීතිය ඉදිරියට ගෙන ඒම තම අරමුණ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කොල්ල..අම්ම තාත්ත පවුලේ අය. තවීෂ ලක්නිදු මල්ලිට නිවන් සුව...(නදී)
මොකා උනත් කමක් නැහැ මරපු එකා මට අහු උනොත් බලාගන්න පුලුවන් කරන දේ මම.(නදී)
දයාබර සොයුර,මේ ලෝකයේ කොතැන,කාසමග හිටියත් මරණය අපිට සමගාමීයි.අපි ඔබට නිවන් සුව පතමු. (නි)
මිනීමැරුම ලංකාවේ වගේ යට යන එකක් නැහැ නේද රාළහාමි? (නි)
අපි නම් දන්නවා එංගලන්තයේ අපිට ඉන්න එකම හතුරා කවුද කියලා. පරීක්ෂණ කල යුතුය. (ස)
සාර්ථකත්වයට එන්න කොච්චර අමාරුද නේද? (නි)
පවු.හරිම දුක හිතෙන මරණයක්.ඔබට නිවන් සුව! මිනීමරුවන්ට හැකි ඉක්මනින් දඩුවම් ලැබේවා (නි)
පීරිස් මැතිනියනි , කිසාගෝතමීල ලොව්තුරා බුදුන් දවසත් හිටියා අම්මේ, ඔබේ පුතාට නිවන් සුව!! (ස)
ලංකාවේ වගේ මිනීමැරුම් පරීක්ෂණය යට යන එකක් නම් නැහැ.මොකද මේක වුණේ එංගලන්තේ නිසා.නමුත් අපි හැමෝටම පිටරටවල් වල ඉන්න එකම හතුරාට ඒ රටවල් වල තිබෙන ආරක්ෂාව ගැන හිතද්දී ටිකක් විතර සැක පහළ වෙනවා.බලමු මොකද වෙන්නේ කියලා. (නි)
තවීෂ බාරගන්නට යන අලුත තනතුරට අැස ගහගෙන හිටි තවත් කාගෙහරි කුමන්ත්‍රණයක්ද දන්නෙත් නැහැ. කොහොම වුණත් අපරාදයක් කරලා බේරෙනවා බොරු.අපරාදේ හොඳ තරුණ ජීවිතයක්. ඔහුට නිවන් සුව! (නි)