ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර තේපැන් හලකට ඇතුළුවූ තුවක්කුකරු මරා දමා ප්‍රාණ ඇපයේ සිටි අය බේරා ගැනීමට ඕස්ටේ්රලියා පොලිසිය සමත්විය.
20 දෙනෙක් පමණ පැය 16 කට ආසන්න කාලයක් තේපැන් හලේ සිරව සිටියහ.
ඕස්ටේ්රලියා මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට තුවක්කුකරු නිදා වැටෙනු දැක එම පුද්ගලයින් අතරින් කිහිපදෙනෙකු පැන යෑමට උත්සාහ කර ඇති අතර ඒහාම අවදිවූ තුවක්කුකරු ඔවුන්ට වෙඩි තබා ඇත.වෙඩි හඩ ඇසුණු සැණෙන් පිටත රැකවල්ලා ගෙන සිටි පොලිසියද තුවක්කුකරු එල්ල කර වෙඩි පහර එල්ල කිරීම ආරම්භ කර ඇත.
අවසානයේ පොලිස් වෙඩි පහරකට ලක්ව තුවක්කුකරු මියයෑමෙන් ගැටුම නිමාවී තිබේ.
තුවක්කුකරුගේ වෙඩි පහරට ලක්වූ පුද්ගලයා මියගොස් ඇති බවත් තුවාළ ලැබූ තවත් කාන්තාවක් රෝහලේදී මිය ගිය බවත් සඳහන්ය.
කිහිපදෙනෙක් සුළු තුවාළ ලබා රෝහල් ගතකර ඇත.
පුද්ගලයින් පිරිස ප්‍රාණ ඇපයට ගෙන මද වේලාවකින් කොන්දේසි ඉදිරිපත් කළ තුවක්කුකරු පවසා සිටියේ අයිඑස් සංවිධානයේ කොඩියක් තේපැන් හල වෙත ගෙනවිත් දෙන තෙක් හා තමන්ට ඕස්ටේ්රලියා අගමැති ටෝනි ඇබට් සමග මුහුණට මුහුණ සාකච්ඡුාවක් පැවැත්වීමට අවස්ථාව සළසා දෙන තෙක් පුද්ගලයින් මුදා නොහරින බවයි.
මෙම පුද්ගලයා පිළිබඳ දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව හැරන් මෝනිස් නම් වූ මොහු තමන් ඉස්ලාමික පූජකවරයෙකුයැයි හඳුන්වාදෙන්නෙකි.ඔහුට එරෙහිව මිනීමැරුම්, පහරදීම් ආදී චෝදනා රැසක්ම නැගී තිබෙන බවද මේ පුද්ගලයා 1996 වසරේදී සරණාගතයෙකු ලෙස ඕස්ටේ්රලියාවට පැමිණියෙකු බවද හෙළිව තිබේ.
පසුගිය සමයේ ඕස්ටේ්රලියාවේ නොයෙක් පෙදෙස් වලින් වාර්තා වූ අන්තවාදී කි‍්‍රයා හා මේ සිදුවීම අතර සෘජු සම්බන්ධයක් ඇති බව කියන විචාරකයෝ ඉක්මන් පියවර නොගතහොත් ප්‍රතිවිපාක දරුණු විය හැකි බවට අනතුරු අඟවති.
අන්තවාදීන් ඕස්ටේ්රලියාව ලෙහෙසි ඉලක්කයක් ලෙස සළකන බවට මිීට පෙර තොරතුරු වාර්තාවී තිබුණි.එවන් තත්ත්වයක් රටෙහි සැබෑවටම ඇතිව තිබෙන්නේ නම් එය වහාම සොයාබැලිය යුතුව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මේක ලෝකෙටම ඇති වෙලා තියෙන්නේ. එක්කෝ ඔය ඉරාකයයි සිරියාවයි ලෙබනනයයි ඔය කව්දෝ කට්ටියට දීලා නිකන් ඉන්න තියෙන්නේ. දැන් ඕකට කොච්චර මැරුණද දෙවියනේ. (නදී)
සරණාගතයන් යැයි කියා ගන්නා පුද්ගලයන් රට ඇතුළට ගෙන ඕස්ට්‍රේලියානු රජය ඉල්ලාගෙන කනවා. ස්ථීර පදිංචිය සඳහා එන සුදුසුකම් ඇති අයගේ හත්මුතු පරම්පරාවේම විස්තර හොයනවා. හොරු,මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ සරණාගත ලේබලය යටතේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඇතුළට අරගෙන ස්ථිර පදිංචිය ලබාදෙනවා.මෙවැනි කරදර ඇතිවෙයි කියලා හිතන්න තිබුනේ බොහෝ කාලයකට පෙරයි.දැන් නම් ගොඩක් ප්‍රමාදයි. (නි)
අපේ රටට විරුද්ධව කොටින්ට රැකවරණ දුන්නෙත් මේ වගේනෙ. අද එයින් ඔවුන්ම විඳවනවා. (නි)
සහතික ඇත්ත (නදී)
සියලුම අන්තවාදීන් රටින් පිටමන් කරන්න හොඳ කාලය තමා දැන් (නදී)
චමින්ද හරියටම හරි. මේ ගොල්ලෝ හොඳට මට්ටු වෙන්න ඕනෑ. (නදී)
චමින්ද මීට කලින් පුවතේදී මේ සම්බන්ධව නිලංග කියන කෙනා ලියපු දෙය හෝල් සේල් කොපි කරලා වචන ටිකක් එහෙට මෙහෙට කරලා ලියලා. බොරු නම් කට්ටිය බලන්න. (නදී)
දැනට ඇතුලට භාර ගත්ත සමහර අයගේ හැටියට මේවා පුදුමයක් නෙවෙයි. (නදී)
මට පේන්නේ චමින්ද මේ කලබගෑනිය සම්බන්ධ කලින් පුවතේ වෙනින් කවුදෝ ලියපු දෙයක් එහෙමම මෙතන ලියලා. ඉතින් කොහොමද අපි ඔයා ලියන දේවල් පිළිගන්නේ චමින්ද ? (නදී)
චමින්ද ඔයා මාරයිනේ. මාත් බැලුවා. ඇත්තම තමයි. ඔයා නේද අර පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කලේ ? (නදී)
රවී හරි. මට පේන හැටියට චමින්දත් අර ලංකාවේ ඉන්න ගමන් පිටරට ඉන්නවා කියල පෙන්නන්න හදන කෙනෙක්ද කොහෙද ? (නදී)
ලංකාවෙත් මේ දේවල් වෙන්න පුළුවන්.(හේ)
ත්‍රස්තවාදය කියන්නේ ව්‍යාපාරයක් වගෙයි. ඔවුන් ත්‍රස්තවාදය ඇතිකරනවා. නැති කරන්න ඔවුන්ගේ ආයුධ විකුණනවා. මේක ලෝකය තේරුම් ගන්නාතුරු ව්‍යාපාරය කෙරෙනවා. (නි)
ඔස්ට්‍රේලියාවට අපි සහයෝගය ලබා දිය යුතුයි ත්‍රස්තවාදය පරදවන්න.(හේ)ෙ
පකිස්ථානයේ කට්ටිය මෙහාට එන එකත් ඉක්මනට නවත්තන්න වෙයි.නැතිනම් දෙවියන්ගේ පිහිට තමයි සිංහලයට. අපි හැම තීරණයක්ම ගන්න ඕනේ තව අවුරුදු 100 ක් වත් ඉස්සරහ ගැන හිතලා.මොකද ඉන්න කට්ටිය දැන් හොදටම ඇති . (අ)