ලොවටම අඬබෙර ගසා පසුගියදා පිහිටැවු අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉන්දියා ශාඛාවේ සාමාජිකයෝ තමන් සිදුකළ පළමු මෙහෙයුමෙන්ම පරාජය වී ලොවම ඉදිරියේ විහිළුවක් බවට පත්ව ඇත.
සිදුවීමට පසුබිම සැකැසෙන්නේ නාවික යාත්‍රාවක් අත්පත් කර ගැනීමට සංවිධානයේ නායකයන් සකස් කළ සැළැසුමකිනි.
පකිස්තානයේ කරච්චි නුවර නැංගුරම් ලා ඇතැයි කියූ ඇමරිකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අත්පත් කර ගැනීමේ අරමුණින් ආයුධ සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයන් 10 දෙනෙක් පිටත් කර හැරීමට අල්කයිඩා සංවිධානයේ ඉන්දියා ත්‍රස්ත නායකයන් කටයුතු කර ඇත.
මෙහෙයුම පැවැරුණු සාමාජිකයන් දස දෙනාද කරච්චි නුවර නැව් තටාකාංගනයට ඇතුල්වී යාත්‍රාව තිබෙන්නේදැයි සොයාබැලීමේදී පසෙක නැංගුරම් ලා තිබූ යුද යාත්‍රාවක් ඔවුන්ගේ ඇස ගැටී ඇත.
තමන්ගේ ඉලක්කය එය යැයි සිතා යාත්‍රාව වෙත දිවගිය ඔවුන්ගේ අපේක්ෂාවන් කඩවී ඇත්තේ එය ඇමරිකාවට අයත් යාත්‍රාවක් නොව පකිස්තාන නාවික හමුදාවට අයත් සාමාන්‍ය යාත්‍රාවක් බව හදුනාගත් විටය.
ඒ වන විට පැන දීවීමට ප්‍රමාද වැඩිය.නාවික හමුදාවන්ගේ ප්රහාරයන්ට හසුව තිදෙනෙක් මරු දකිද්දී අනෙක් සත් දෙනා අත්අඩංගුවට පත්විය.
මේ සිදුවීමට ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබුණු අතර බොහෝ දෙනා ඉන්දියාවේද කලබල ඇති කරන්නේයැයි වහසි බස් දෙඩූ අල්කයිඩා නායකයින් සම්බන්ධයෙන් උපහාසාත්මක මුඛයෙන් අදහස් පළ කළහ.
සංවිධානය සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළේද දින කිහිපයක් ගතවූ පසුය.එම ප්‍රකාශයට අනුව ඔවුන් කරච්චි වරායේ නැංගුරම් ලා තිබුණේ ඇමරිකා යුධ නැවක් යැයි තවමත් සිතා සිටින සෙයක් පෙනුණි.
අයිඑස්අයිඑස් අන්තවාදීන්ගේ කූටප්‍රාප්තිය හමුවේ අල්කයිඩා සංවිධානයට යන එන මං නැතිව තිබෙන බව ආරක්ෂක විශේෂඥයින්ගේ මතයයි.ඇමරිකා හමුදා එහි නායක ඔසාමා බින් ලාඩින් මරා දැමූ පසු සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන අසන්නට ලැබුණු නැති තරම් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කතා කරන්න අකමැති මාතෘකාවක් (දී)
කාටවත් බැරි වෙලා ද හරි යාත්‍රාව තෝරලා දෙන්න (අ)
අයියෝ විහින් නැගෙන්නේ කට්ටිය (අ)
අර කලින් ලංකාවට ආපු හමුදාවම නේද ඉන්දීය හමුදාව කියන්නේෙ. (ස)
නියමයි. මොන රටේ මොන ජාතියේ වුණත් ත්රස්තවාදීන් පරාද වෙන්නම ඕනෑ. උන් මේ ලෝකෙටම පිළිලයක් (නි)
බුද්ධිමත් මිනිස්සු ම්ලේච්ඡ වැඩ කරන්නේ නැහැ (නි)
ඌරෝ කවද්ද මඩ නොකෑවේ. (නදී)
හේමන්ත අවුරුදු 1400 කට විතර ඉස්සර ඔය කියන බුද්ධිය නැවතුන කට්ටියක් තමයි මේක කරන්නේ.(නදී)
ලංකාවට ආවොත් නම් අල්කයිඩා සුනේ සුන් (අ)
දැන්වත් අන්තවාදීන් තේරුම් ගත්තොත් හොඳයි තමන් මෝඩයෝ බව (නදී)
මෙහෙමත් නරකාදී වරායක් (නදී)