මිලදීගත් අල පෙති වල මුදල් නැවත ඉල්ලමින් කඩ හිමියා හපා කෑ කාන්තාවක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තා වේ.
ඇය හේලි ජෝන්ස් නම් 33 හැවිරිදි කාන්තාවකි.
පෝල්ස් අයිසෝ නිඞ්ස් (67) රීඞ්ලි නමින් කුඩා අවන්හලක් පවත්වා ගෙන යයි. දිනක් ඔහුගේ අවන් හලට පැමිණි හේලි පවුම් 1.35 ක් (රුපියල් 289 ක්) ගෙවා අල පෙති මිල දී ගත්තාය.
මිනිත්තු කිහිපයකට පසු නැවත අවන් හලට පැමිණි ඇය අල පෙති කෑමට පිළිකුල් බව කියමින් ඇයගේ මුදල් නැවත ඉල්ලීය. පෝල්ස් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග කුපිත වූ ඇය ඔහුගේ අත හැපීමට පටන් ගත්හ. එපමණක් නොව නියපොතු වලින් ඔහුගේ කන තුවාල කරමින් ඔහුට පයින්ද පහර දුන්නා. ඒ අතරම ඇය මුදල් කවුළුව වෙතටද යාමට තැත් කරත් පෝල්ස් මඟ හරස් කරමින් සිට ගත්තේය.
ඔවුන්ගේ කෑ ගැසීම ඇසී එතනට පැමිණි පෝල්ස්ගේ බිරිඳ සහ තවත් කිහිප දෙනෙක් ඔහු ඇයගෙන් බේරා ගත්හ. සිද්ධිය දැනගත් වහාම එතෙනට පොලිසිය පැමිණියත් ඒ වන තුරුත් හේලි අවන් හලේ ඉදිරිපිට සිට අසභ්‍ය ලෙස බැණ වඳිමින් සිටියාය.
තදින්ම මත්දව්‍ය වලට ඇබ්බැහි වූ ඇය දැන් පොලිස් අත්අඩංගුවේ සිටියි. මේ සිද්ධියෙන් පසු රෝහල් වල සහ උසාවිල රස්තියාදු වීමට සිදු වී ඇති නිසා තමන්ට වෙළඳාමවත් නිසි ලෙස කිරීමට නොහැකි වන බව පෝල්ස් පැවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීඩි බොන කාන්තාවක් නේද ? (නි)
මානසික රෝගියෙක් වගෙයි.(නදී)
එංගලන්තයේ උසාවියේ සිද්දිය අපේ අයට හොද ආදර්ශයක් උනාට මේවානම් ආදර්ශයට ගන්න හොද නැහැ. (දිල්)
අන්න කෙල්ලෝ ඔහොම යන්(දිල්)
විකෘති මනසක් තියන අය ගොඩක් දීයුනු රටවල ඉන්නවා. සමහරු උපතින් රෝගී. සමහරු පොඩි කාලේ ඉඳල පවුල් ප්‍රශ්න නිසා මනස අවුල් වෙලා. අපේ සමහර ඇමතිලත් කොන්ත්‍රාත් නොදුන්නොත් ආණ්ඩුවේ නිලධාරින්ටත් සලකන්නේ මේ විදිහට. (අ)
එංගලන්තේ සුද්දන්ගෙන් 60% විතර බීඩි තමයි බොන්නේ. (නි)
ලංකාවේ, ඉන්දියාවේ, පකිස්තානේ සහ බංගලාදේශයෙන් ආපු අය මේ රට කාල තියෙන්නේ. පිස්සු සුද්දෝ තමා ඔය කඩවලට යන්නේ.වැදගත් කමක් තියන කෙනෙක් මෙව්වට එන්නේ නෑ. (ස)
ගුණසිරිගේ හිත හොඳටම රිදිලා. (ස)
නම ගුණසිරි උනාට මොකක් හරි අවුලක් තියනවා. මොලේද වෙන මොකක් හරිද??? (ස)
ගුණසිරි ඔයාගේ අදහස් මේ කතාවට ගැලපෙන්නේ නැහැනේ. මෙතන ආසියාතිකයන් ගැන මොකවත් කියවිලා නැහැනේ. අනේ.. ගුණසිරි (ස)
ගුණසිරි කියාගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තියෙන හැඩයි.ටිකක් ඉවසන්න ගුණසිරි. (ස)
හැමදාම අපේ රටේ අඩු පාඩුම දකින බමුණුට මෙන්න අරහන් ආරංචියක්.(නදී)
ගුණසිරිගේ කතාව මෙතෙන්ට අදාළ නැති වුණාට ගුණසිරි කියන කතාව නම් ඇත්ත (නි)
ගුණසිරිත් මත්වෙන බීඩියක් බීපු වෙලාවක වගෙයි මේ අදහස දාලා තියෙන්නේ (නි)
සමදරාත් එහෙ ගියොත් හොද පාඩමක් ඉගෙන ගනීවි (නි)