තම සැමියාගේ අනියම් සම්බන්ධයක් ගැන ආරංචි වූ බිරිඳ ඔහුගෙන් වෙන්වීම ප්රකාශ කිරීමට අපූරු ක්රමයක් අනුගමනය කළේය. ඔහු නිතර යන අවන් හලේ ඉදිරිපස ‘පෝල් මම ඔබ දික්කසාද කරනවා’ යනුවෙන් සටහන් කර ඔහුට දැකීමට සැලැස්විණි.
මෙයින් ලැජ්ජාවට පත් පෝල් එසේ නොකරන ලෙස ඇයට ආයාචනය කර ඇත. නමුත් එයින් කෝපයට පත් ඇය නැවත ගොස් අවන් හල ඉදිරිපිට ‘ඒ විතරක් නෙමෙයි පෝල් මම බල්ලන් දෙන්නෙකුත් ඇති කරනවා’ යනුවෙන්ද සටහනක් තබා ඇත.
මෙමගින් සැමටම ඔහුගේ චපල කි්රයාව හා තමන්ට කළ අසාධාරණය දැන්වීම ඇයගේ අරමුණ විය. අවට සිටින සැම දෙනාම මොවුන් දෙදෙනාගේ විවාහය පමණක් නොව ඔවුන් මුණ ගැසුණ විදිය පවා දනිති. ඒ නිසා සිද්ධිය දැන ගත් සැවොම ඇයට උපකාර කළහ.
මෙසේ අනියම් සබඳතා පවත්වන සෑම කෙනෙකුටම මෙය කදිම අවවාදයක් බව ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥයා: ඔහෙට හොඳටම ෂුවර් ද බිරිඳ ගෙන් දික්කසාද වෙන්න ඕන කියලා? සැමියා: ඔව් නීතීඥයා: හැබැයි එහෙම වුනොත් හැම මාසෙම පඩියෙන් බාගයක් නඩත්තු විදියට ගෙවන්න වෙනවා. හොඳට කල්පනා කරලා බලල කියන්න. සැමියා: මොනවා කල්පනා කරන්නද හලෝ. දැනුත් මේ ගෑනි හැම මාසෙම මගේ සම්පුර්ණ පඩියම ගන්නවා. (ස)
ලංකාවේ කාන්තාවන්ට හොඳ ආදර්ශයක්. (ස)
ඕක අමතක කරලා එක බල්ලෙක් ගෙනාවනම් ඇතිනේ. (ස)
හැබෑටම මොකටද ඒ බල්ලෝ දෙන්නෙක් ගේනවා කිව්වේ? මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. (නි)