අනාගත ලෝකයට නිපදවූ මෝටර් රථ ප්‍රදර්ශනයක් ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි උසස් කලා කෘති කෞතුකාගාරයේ මේ දිනවල පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට තබා ඇති මේ මෝටර් රථ නිපදවූ දින පටන් ධාවනය නොකරන ලද රථ වීම ද විශේෂත්වයකි.
මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙනුවෙන් නව සැළසුම් ලෙස මේවා සකස් කැර තිබිණි. එසේ වුව ද එම සැළසුම් නිෂ්පාදනය කර නොමැත.
1930 වර්ෂයෙ සිට 2010 වර්ෂය දක්වා වරින් වර අනාගතය සඳහා සැළසුම් කරන ලද කාර් 19 ක් මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇතැයි කෞතුකාගාරයේ අධ්යක්ෂ මයිකල් ෂැපිරෝ කියයි. මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇත්තේ යුරෝපීය හා ඇමෙරිකා වෙළෙඳ පොළට සුදුසු පරිදි සැලසුම් කරන ලද කාර් සමූහයකි.
‘‘ මේ සියළු කාර් සිහිනයක් ම පමණයි. අපි සදාකාලිකව ම මේවා ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරලා තිබෙන්නේ. මේ වාහන සැළසුම් නිෂ්පාදනය වූයේ නැහැ. ඉදිරියේ දී නිෂ්පාදනය වන්නේත් නැහැ. ඒ නිසා එය සිහින රථයක් ම පමණයි. “
1936 දී සැළසුම් කරන ලද්දකි
1947 දී කරන ලද සැළසුමකි
මෙය බී.එම්.ඩබ්ලිව්. ආයතනය විසින් සැළසුම් කරන ලද්දකි
1932 දී කරන ලද සැළසුමකි.
1948 සැළසුම් කළ ද නිෂ්පාදනය කැර නැත.
1937 සැළසුමකි
මෙම සැළසුම 1951 ඉදිරිපත් කරන ලද්දකි.
1970 දී මේ සැළසුම සකස් කැර ඇත.
ගුවන් යානයක් සේ පෙනෙන මේ කාරය 1954 නිෂ්පාදනයකි
1934 සැළසුමකි
1970 දී ඉදිරිපත් කරන ලද සැළසුමකි.
1956 ඉදිරිපත් කළ සැළසුමකි.
1955 සැළස්ම සකස්කැර ඇතත් නිපදවා නැත.
1942 දී ඉදිරිපත් කරන ලද්දකි.
2010 දී සැළසුම් කරන ලද මේ රථය ද නිෂ්පාදනය කළේ නැත.
1959 සැළසුමකි.
1941 සැළසුම ඉදිරිපත් කළ ද මෙය නිෂ්පාදනය කැර නැත.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යක් ගැනීම සැමදා අපිට සිහිනයක් පමණි (නි)
ජෝර්ජියාවේ නිෂ්පාදනය කර ඇති සිහින කාර් නිෂ්පාදනය නොකළ සැලසුම් පමණි. අපිත් සැලසුම් කරගෙන ඉන්නේ කවදා වාහනයක් මිලදී ගන්න ලැබෙයිද කියලා, මේ ගහන බදු අස්සේ ... ඒකත් සිහින කාරයක් වගේ. (නි)
හරිම වටිනා වාර්තාවක්. ලංකාදීපයට බොහොම ස්තුතියි. (නි)
ලස්සන කාර් ටික (නි)
සුන්දර නිර්මාණ පෙළක් (නි)
නියම කාර් ටික. ඕවා ඇත්තට හදලා තිබුනද දන්නේ නැහැ නේද? (නදී)
ලස්සන වාහන දිහා බලන් උහුලනවා ඇරෙන්න පිටරට ඉඳන් හම්බකරන එකෙන් අපි කොහොමද වාහන ගන්නේ. (නදී)
ලංකාදීපයට ස්තුතියි. ඉතා වටිනා වාර්තාවක්. (නි)
අපේ ලංකාවේ දැන් චීන සහ ඉන්දියන් සෙල්ලන් කාර් වැහි වැහලා. වැඩිම අවුරුදු 5න් කාර් එක වටිනාකම ගිහින්. රෙපයාර් වලට පඩිය දෙන්න වෙනවා. අනේ රට ඉන්න අපිටත් හොඳ වාහනයක් ගන්න ඉතුරු කරපු ඔක්කම දෙන්න වෙනවා. ඔන්න ඕක තමා ලංකාවේ තත්වය. මේ ගැන බලධාරීන්ගේ ඇස් යොමු වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපිටත් ලංකාවට වාහනයක් ගේන්න ලැබේවා. (නදී)
මමත් පිටරටක ඉන්නේ. මගේ ලොකු හීනයක් තියෙනවා කවදම හරි මැරෙන්න කලින් අපේ රටේ අපිම හදපු වාහනයක යන්න. මොකද ඉන්දියානුවන් ,ජර්මානුවන් ජපනුන් අද ලෝකේ කොතන ගියත් ඔවුන්ගේ රටවල හදන වාහන වල නැගල යන්නේ තමන්ගේ රටේ දේ ගොඩක් අගය කරමින්. ශ්‍රී ලාංකිකයෙක් විදියට මමත් කැමති කවද හෝ මටත් එහෙම යන්න ලැබෙනවානම්.(අ)
කසුන් යන්න නම් ලැබෙයි. ඒත් 200% ක් බදු ගෙවන්න වෙයි (නදී)
කසුන් ඔබේ ප්‍රාර්ථනාව මගෙත් ප්‍රාර්ථනාවයි !!!!! අපේ රටේ දක්ෂයෝ ඉන්නවා..මේ වගේ ව්‍යාපාර පටන්ගන්න කැමති අයත් ඉන්නවා........නමුත් පවතින කොමිස් ගැහිලිවලට හුරු වූ දේශපාලනය මේවට ඉඩදෙන්නේ නැති එකයි ප්රශ්නය........එහෙම නොවන්න ඔබේත් මගෙත් ප්‍රාර්ථනාව මේ වෙද්දීත් ඉටුවෙලා මම හිතන හැටියට.....(ස)
ලංකාවට අඩු ඕවා තමයි. ලංකාවේ මිනිසුන්ට ජීවත් වෙන්න වතුර නැතුව දුක් විඳිනවා. පුළුවන් නම් වතුර ලබාත හැකි නව නිපැයුම් ලංකාව සෙවිය යුතුයි. (නි)
කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනා හරිම වටිනවා නමුත් අපේ රටේ කවදාවත් ඕක වෙන්නේ නැහැ .උපාලි fiat රකට මොකද උනේ ? ඒ කලේ සින්දුත් කිව්වා මතකද ( එයාල තාමත් ඉන්න්නවා} කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනාවන් හොඳ උනාට කවදාවත් අපේ රටේ ඉෂ්ට වෙන්නෙ නෑ . (අ)
ලංකාදීපයට ස්තුතියි, මේවගේ වටිනා දේවල් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. (නි)