මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.
පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී මෙම දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.
තමන්ට නැඟෙන චෝදනා අධිකරණය හමුවේ කියැවෙද්දී හයක් හතරක් නොතේරෙන කුඩා දරුවා තම පියාගේ ඇකයට වී කිරි බෝතලයක් උරමින් සිටියේය.
විනිසුරු වහාම ක්රියාත්මක වන පරිදි කුඩා දරුවාට ඇප දුන්නේය. දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර ගන්නැයි ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානයේ ඉන්නේ ඔහොම නුවණක්කාර කට්ටිය තමයි (නි)
මෙහෙමත් රටක පොලිසියක්?කිරි සප්පෙයෙකුට නේද මෙවන් චෝදනාවක් දාන්නේ? දකිනකොටත් දුකේ බැහැ (නි)
ඒ වගේ රටක මෙහෙම දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මේක අවනඩුවක්.මේක නීතියක්ද? කෝ ඕවට මානව හිමිකම්? පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නි)
පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නදී)
මේක අවනඩුවක්. (නදී)
අර ලංකාවේ පොල් කේස් එකත් ඔයවගේ එකක් නේ.(නදී)
හරිනේ ඉතින් මේ පාකිස්ථානේනේ.(නදී)
උගත් බුද්ධිමත් එක විනිසුරුවෙක් හරි සිටීම සතුටට කරුණක් නේද? (ස)
ලංකාව වගේ රටක ඉන්න ලැබුණ එක කොච්චර වාසනාවක්ද කියල හිතෙනවා. (ස)
බලාගෙන ගියාම හැබෑම නේන්නම්. අපේ රට ආශ්චර්යක්... (නි)
මේවා අහලා දැකලා අපිටත් පිස්සු හැදෙනවා (නි)
මේ රටෙත් ඉන්නවා ඔය වගේ පොලිස් නිලධාරීන් (නි)
ඒ දරුවා මොකුත් දන්නේ නැහැ ලොකු උනාම කියා දෙන්න (දී)