වචන වලට කඳුළු මුසු කිරීමේ සමත් අපූරු සටහන් පොතක් මැන්ගස් ෆරස් නම් පොත් නිශ්පාදක සමාගම නිපදවා ඇත.
‘අනියන් (ලුණූ) නෝට්‘ ලෙස හදුන්වාදී ඇති මෙම සටහන් පොතේ සටහන් තබන්නෙකුට සටහන් තබන වාරයක් පාසා ඇසෙන් නැගෙන කඳුළු පිසදමන්නටද සිදුවේ.
අප සියලූදෙනා හොදින් අත්දැක ඇති පරිදි ලුණු ගෙඩි කැපීමේදී ඇස් වලින් කඳුළු ගැලීම පසුපස ඇති විද්‍යාත්මක පදනම මේ පොත නිපදවීමට භාවිතා කර තිබීම මීට හේතුවයි.
ලුණූ කැපීමේදී ඒවායේ ඇති ඇති සංයෝගයන් වාතය හා මුුසුවී ප්රොපනිතියෝල් එස් - ඔක්සයිඩ් නම් වායුවක් බවට පත්වන අතර එය ඇසෙහි ඇති ජලය හා මිශ්‍රවී සල්ෆියුරික් අම්ලය සාදයි.මෙසේ ඇසෙහි අම්ලකර තත්ත්වයක් ඇතිවීම යනු ඇස වියළීම වන අතර මෙම වියළීම වැළැකීමට කදුලූ ග්‍රන්ථී වලින් කඳුළු නිපදවයි.
මෙම ක්‍රියාවලියම පොතෙහි පිටුවලට අන්තර්ගත කිරීමට නිශ්පාදකයින් සමත්ව ඇත.ලුණූ වල අඩංගු වන සංයෝගයන් පොතෙහි පිටු වලට කවා තිඛෙන අතර පෑනකින් හෝ පැන්සලකින් හෝ පොතෙහි පිටුමත කිසියම් දෙයක් ලියැවෙද්දී ඇතිවන ඝර්ෂණය නිසාවෙන් ඒවා වාතයට නිදහස් වන පරිදි සකසා ඇත.
ඉතිරිය පෙර සදහන් කර ඇති ක්‍රියාවලිය හා සමය.
ලියැවිල්ලකටත් ‘හැඟුම්බර‘ ස්වභාවයක් ලබාදීම තම අරමුණ වූ බව නිශ්පාදකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතුන්ට කියාපු දෙයක්!!වැඩියෙන් තරුණියෝ මේක ගන්න පුළුවන්! (නි)
කෘතිමයිනේ.... වැඩක් තියේවිද එතකොට? (නදී)
මේක මේ ලිපියට අදාල නැහැ. ලුනු කිලෝ 5ක් 10ක් වගේ කපද්දී චුයින්ගුම් එකක් කනවා නම් කදුළු එන්නේ නෑ. (නදී)
අද ලුණුත් එකයි අමු මිරිසුත් එකයි.ඉස්සර තමා කඳුළු ! ගණනේ හැටියට සැර නැති නිසා සිනහ යනවා.කරියකට ඔය නෝට් පොතෙන් කෑල්ලක් දැම්ම නම් නියමෙට තියෙයි ලුණු සැර . (අ)
අඬන්න නම් හේතු ඕන තරම් තියෙන්නේ.. හිනාවක් ඇතිවෙන විදිහේ නිර්මාණයක් කරන්න බැරිද...?(අ)
පිස්සුද මන්දා මිනිසුන්ට? (නි)
හැම තිස්සෙම වහින්න කිට්ටුව අහසවගේ අඬන්නම ලැහැස්තිවෙලා ඉන්න අපේ සමහර ස්ත්‍රී පක්ෂය මේ පොත කියවල මොනවා කරාවිද මන්දා (නදී)