මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවියෙකි.
ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි.
එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි.
ප්‍රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය.
පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය.
මංගල උත්සවයට ඉරාක ගොත්රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
“මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශක්තියත් තියෙනවානම්. සල්ලිත් තියෙනවනම්. හොද කෑමත් තියෙනවා නම් බිරිඳව බලාගන්ඩ පුලුවන්නම් කෙල්ලත් කැමති නම් අපි කව්ද තුන්වැන්නාට. එක අතකට මේක හරි මොකද ? හැමතැනම මේ කට්ටියගේ ළමා අපචාරයි, දූෂනයි අද අපි දකින්නේ. දැන් ඉතින් කාටවත් බැහැ ඇය මාව බැන්දේ නැහැ කියලා දුක්වෙන්න. අනික නීතියට අනුකූලව බැඳලා. සුබ මංගලම් ඔබ දෙපළට.(නදී)
අපි නොදන්න ලයිව් (දී)
අනේ මන්දා අප්පා. මට නම් මොනවත් කියන්න තේරෙන්නෙ නැහැ (දී)
මේවට තමයි කියන්නේ නාකි විසේ කියලා. මීට වඩා හොදයි දුවව බැන්දා නම්.(නදී)
අමිළ කරුණාකර දන්නේ නැති දේවල් කතා කිරීමෙන් වලකින්න. ඉස්ලාම් ආගමට අනුව කැමැත්තක් නැතිව කිසි කෙනෙක් බදින්න බැහැ. බන්දලා දෙන්නෙත් නැහැ.(නදී)
සීයා, ඔය නංගිට මනිමේඛලාවකුත් දැම්මා නම් තමා ආරක්ශාවට හොද... (නි)
කෙල්ල කැමති නැතුව ඇති. පව් හොඳ කොල්ලෙක් එක්ක යන්න වාසනාව නැතිවුණා (නි)
ගෑණු ලමයාගේ අකමැත්තෙන් දෙමාව්පියන්ට සල්ලි (දෑවැද්ද) දීලා මේක කරගත්තා නම් ඉතින් නරක වැඩක්. දෙන්නම සත්‍ය වශයෙන්ම කැමැති නම් අපට මොකෝ. (නි)
ඔන්න වැඩේ. 92 පිරුණත් බිම,නොයයි. (නි)
තව ටික දවදකින් සීයා මලහම ආච්චි ත් මගේ , ගොවිපොලත් මගේ......හා ..හා .....හා .(නදී)
ඔයාලට අමතක වුනාද මුස්ලිම් අයට බදින්න එයාලගේ කැමැත්ත ඕනෑ නැහැ කියලා. (නි)
අනේ ගොයියෝ, පේලි ගෙවල්වල එහෙම පදිංචි වෙන්න එපා. (නි)
ඉතාමත් හොඳයි. (නි)
දෙපාර්ශවය කැමතිනම් අනේ අපේ අකමැත්තක් නැහැ, සුභ මංගලම්. (ත)
පිස්සු . (ත)
මෝඩ කෙල්ල සහ මෝඩ ගොවියා (ත)
ඉරාක ගොවියා නම් හරිම වාසනා වන්තයෙක්...වයස 92 යි.හොඳට කාසි පණම් එහෙමත් ඇති බවයි පෙනෙන්නේ. දරුවන් 16 යි.දෙවෙනි විවාහයේ මනමාලි වයස 22 යි. පෙර පින් නැති ..අපේ ගොවියෝ ...පව් අනේ..එයාලට කසාද තියා ,පොහොර ටික වත් නැහැ.. (ත)
අවුරුදු 92 උනත් දරුවන් 16 හිටියත් වේද කටයුතු අවුරුදු 20 ක කෝල් වගේලු . අලුත් බිරිඳව දැක්කම හිතා ගන්න පුළුවන් . නැතිනම් එයා මේ මනුස්සය දාල ගිහින් මෙයාගේ පුතෙක් එක්ක ජිවත් වෙනවා (ත)
20 කොල්ලෙක් කිව්වේ ...............මොකටද?.......... පැහැදිලි මදි ....... (ත)
මනමාලිගේ මුන දැක්කහම පේනවා කොයි තරම් වාසනාවන්ත විවාහයක් ද කියල. (ත)
මේකත් එක අතකින් ජොලි සීයේ. මොනවා වුනත් සීයා කොච්චර වාසනාවන්තද? මේචචර ලස්සන කෙල්ලෙක් කසාද බදින්න ලැබිම කොච්චර වාසනාවක්ද? (නි)
මුනුපුරෝ දෙන්නට බිරියන් පරෙස්සම් කරගන්න වෙන්නේ සීයා ගෙන්. කොහොම උනත් පින් කරපු සීයා කෙනෙක්.(ත)