ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සහ කරද්දී, අනතුරට පත් වී ගිනිගත් දකුණු කොරියා ගුවන් යානයේ සිටි මගීන් 307 දෙනාගෙන් 305 දෙනකු දිවි බේරා ගත් අතර, එම පිරිස දිවි බේරා ගත්තේ යානයේ ගුවන් සේවිකාවන් දෙදෙනක දිවි පරදුවට තබා ඔවුන්ට සහාය දීම නිසා යැයි ගුවන් යානය අයත් ‘ඒසියන් එයාර්’ ගුවන් සේවය පැවැසීය.
බෝයිං 777 වර්ගයේ එම මගී යානය අනතුරට පත් වුණේ ඉකුත් සති අන්තයේය. ඒ, එය දකුණු කොරියාවේ සෝල් නුවර සිට ඇමෙරිකාව බලා පැමිණෙද්දීය.
යානය ගොඩබාද්දී එහි පසුපස කොටස ගුවන් පථයේ ගැටී යානය කැරැකී ධාවන පථයෙන් පිටතට විසි විය. යානයට බරපතළ හානි සිදුවුණු අතර එහි ගින්නක් ද හට ගත්තේය.
සැන් ෆ්රැන්සිස්කෝ ගුවන් තොටුපොළේ ගිනි නිවන භටයන් සහ සහන සේවකයන්ට යානය වෙත පැමිණීමට මිනිත්තු 15 ක් පමණ ගත වී ඇත.
ඒ අතරේ යානයේ සිටි මගීන් හදිසි දොරටු දෙකකින් පිටතට ගැනීමට කටයුතු කර ඇත්තේ එම ගුවන් සේවිකාවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ගුවන් යානයේ කැබින් කළමනාකාරිය ලී යුන් හේ ය.
යානය ගිනි ගනිද්දී, සියලූම මගීන් යානයෙන් පිටතට යන තෙක් ඇය ඔවුන් සන්සුන් කරමින් යානයේ රැඳී සිට ඇත.
ලී යුන් හේ යානයෙන් පිටතට ගොස් ඇත්තේ සියල්ලෝම පිටතට ගිය පසුවය. ඇයට සහාය වූ අනෙක් ගුවන් සේවිකාව කිම් ජී යියෝං ය.
යානය අනතුරට පත්වුණේ නියමුවන්ගේ අත්වැරදීමකිනි. එහි සිටි එක් නියමුවකු ආධුනිකයකු යැයි පෙරේදා (8) අනාවරණය විය.
එම අනාවරණයත් සමඟ ‘ඒසියාන්’ ගුවන් සේවයට දොස් අහන්න සිදුවිය. අනතුරින් වයස අවුරුදු 16 ක් වයසැති පාසල් දැරියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් නියමුවෝ සමහරක් තම රාජකාරිය හරියට ඉටු නොකිරීමෙන් වටිනා ජීවිත රැසක් අනතුරේ දමන්නේ වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසාය. ගුවන් සේවිකාවන් තැනට සුදුසු නුවණ යොදා ගනිමින් අගනා සේවයක් ඉටු කර ඇත.ගුවන් නියමුවන් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බැවින් සෑම ගුවන් සේවිකාවකටම සුළු වශයෙන් හෝ ගුවන් යානා පැදවීමටද පුහුණුවක් ලබා දීම ඉතාමත් සුදුසු බව හැඟෙයි. (නි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන්ටත් මේ අය ගෙන්නලා පුහුණුවක් ලබා දෙන්න. (අ)
අපේ අයව පත්වීම් දෙනකොටම පුහුණුවක් නිසි පරිදි ලබා දීලයි බදවා ගන්නේ. (නි)
අපේ අය අඩුවෙන් තක්සේරු කරන්න එපා. හැමෝටම මේ පුහුණුව දෙනවා.(අ)
ඔච්චරටම ලංකාවේ අය සුවර් නැත්නම් ෆ්ලෙන් එකක් ගිනිතියල බලන්නකෝ අප අයගේ වැඩ.(නදී)
ඔයාලට අපේ අය ෂුවර් නැහැ. බලන්නකෝ ගුවන්යානයක් ගිනි තියෝලා අපේ අයගේ වැඩ.(නදී)
ගුවන් අනතුරෙන් එක් අයෙක් මැරුන අතර අනිත් කෙනා මරුනේ ගිනි නිවන රථයකට යට වෙලා.(නදී)
ලංකාවේ ගුවන් නියමුවන්ගෙ දස්කම් ලෝකයම දෑකලා හමාරයි. එයාලට අපි නයගෑතියි. රට බේරාගන්න එයාලා කල මෙහෙය අමතක කරන්න නරකයි. අපේ ගුවන් සේවිකාවන්වත් හෑල්ලුව්ට ලක්කරන එක වැරදියි දි නේද? උඩ බලාගෙන කෙලගසා ගෑනීම අපේ මූණ්ටම නේද? අපි අපේ රටට වගේම ඒ රටෙ මිනිස්සුන්ටත් ආදරය කලොත් මොනතරම් ලස්සන රටක් බිහිවෙයිද්? සුවිස් වගේ රටක් ආසියාවෙත් බිහිවෙයි. හිතට දුකම දෙය අපේ අයට කරන්න බෑරිම දෙයත් ඒකනේ.(නදී)
ජෝයි උඩ බලාන කෙල ගැහුවත් බිම බලාන කෙල ගැහුවත් කතාව ඇත්ත නොවේද. හම කළු නම් අපේ අයගේ මහන්තත්වේ. සිංහල කතා කලොත් මහන්තත්වේ. මෙහෙම දෙයක් උනොත් ඇදන් ඉන්න සාරිය පැටලිලා දුවා ගන්ට බැරි වෙනවා අපේ අයට. අපේ අය බේරන්ට මගීන්ට උදවු කරන්න වෙයි.(නදී)
දන්නවද වෙනස...අපේ අයට උඩින් යන්න ශිෆ්ට් එක හම්බ වෙන්නේ ලොකු අයගේ ඇගට යට වුනාම විතරයි. (දී)
මේ ගුවන් සේවිකාවන් දෙන්නා ලොකු වීරකමක් කරලා තියෙන්නේ. මේ දෙන්නට සුබ පතනවා (අ)
2012 .08.24දින මම ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට යන අතර මට ගුවන් යානය තුලදී වමනය සහ කැරකෙවෙල්ල ඇති වී මම ගුවන් සේවිකාවකට කතා කර කිව්වා මට වතුර ටිකක්ක් දෙන්න කියලා මට දුන්නු ඔත්තරය දන්නවද අපි බහිනවා ඉවසන්න කියල ඔන්න අපිට සලකන්න හැටි (අ)
මෙම ගුවන් යානය චීන වල සිට කොරියාව හරහා ඇමරිකාවට ගිය යානයක්. ගුවන් යානය ආසියානු ගුවන් යානයක්. (දී)
අපේ කොල්ල ඔය යානාවේ ගියා නම් , සුද්දෝ කියාවි අපේ කොල්ලා නිදිමරගතේ ඇවිද්ද නිසා ඔය යානාව වැටුනා කියලා. හොද වෙලාවට අපේ කොල්ලා එම යානාවේ නොගියේ. මොනවා කලත් අපේ කොල්ලන්ට පද හදන්නම තමා එංගලන්තේ ටැබ්ලොයිඩ් පත්තර බලන් ඉන්නේ (නි)
මෙතැනදී ගුවන් සේවිකාවන්ගේ සහය අනිවාර්යෙන් ඕනෑමයි.හේතුව ගුවන් සේවිකාවක් ඇරෙන්න වෙනකිසිම කෙනෙකුට හදිසි දොරටුව අරින්න බැහැ.නමුත් මෙතැනදී මගීන්ගෙන් හොඳ සහයක් ලැබෙන්න ඇති ගුවන් සේවිකාවන්ට.එහෙම නැතුව මේ වගේ වෙලාවක මගීන් කලබල කෙරුවා නම් ගුවන් සේවිකාවන්ට දොරවල් තියෙන තැනට යන්න බැරී වෙනවා.මොකද ගුවන් යානයක මගී සීට් අතර තියෙන්නේ ඉතාම කුඩා ඉඩක් නිසා.මේ නිසා මම තැන්ක්ස් කරනවා ගුවන් සේවිකාවන්ට වගේම ගමන් ගත්ත මගීන්ටත්.ගුවන් මගීන් හැටියට අපිටත් මේක හොඳ පාඩමක්. (නි)