IMG-LOGO

ස්නෝව්ඩන් බුද්ධි රහස් හෙළි කිරීම ත‍්‍රස්තවාදීන්ට ‘අවුරුදු තෑගි’ ලැබුණා වගේ

ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට නීති ඒජන්සියක් වන එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය ලවා ඇමෙරිකාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ගැනත්, ලෝකයේ සෙසු රටවල් ගැනත් ඔත්තු බලන බවත් 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වඞ් ස්නෝඩන ලොවට හෙළිකිරීම ලොව පුරා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදී’ සංවිධානවලට අවුරුදු තෑගි හිමිවීමක් වැනි යැයි බි‍්‍රතාන්‍ය බුද්ධි අංශය කියා සිටී.

මෙසේ කියා සිටින්නේ බි‍්‍රතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශයයි. මේවනවිට ස්නෝව්ඩන් ඇමෙරිකාවෙන් පලා ගොස් රුසියානු රජයේ රැුකවරණ ලැබ එහි ජීවත් වෙයි.

ඔහුට යළි ඇමෙරිකාවට හෝ වෙනත් රටකට හෝ යෑමට හැකියාවක් නැත. ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඇමෙරිකානු රජය විසින් අවලංගු කර තිබීම ඊට හේතුවයි. ස්නෝව්ඩන් යළි ඇමෙරිකාවට ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන දේශද්‍රෝහී චෝදනා එල්ල කර නඩු පැවැරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

ස්නෝව්ඩන් කළ රහස් හෙළිදරව්වෙන් පසු, අල් කයිඩා වැනි ලොව ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී. ස්නෝව්ඩන්ගේ කි‍්‍රයා කලාපය නිසා ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ත‍්‍රස්තවාදීන්ට වාසි අත්වුණේ යැයි ද එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

ස්නෝව්ඩන් බුද්ධි රහස් හෙළි කිරීම ත‍්‍රස්තවාදීන්ට ‘අවුරුදු තෑගි’ ලැබුණා වගේ

චමත් Thursday, 10 October 2013 07:48 PM

දේශද්‍රෝහීන් එල්ලලා මරා දැමිය යුතුයි. තමන් උපන් රටට ආදරය කරන්න ඕනෑ ඕනෑම කෙනෙක්. ඒ රට ඇමරිකාවද ඇෆ්ගනිස්තානෙද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

කාලිංග Thursday, 10 October 2013 10:58 AM

නැතුව....නැතුව.... එහෙම වෙන්න එපායෑ

:       0       0

ටෙරා Thursday, 10 October 2013 11:01 AM

ඉතිං අනිත් ත්‍රස්තවාදීන්ට බඩේ පාර වැදුන නිසාද දුක? (දී)

:       0       0

සන්ද්‍යා Thursday, 10 October 2013 11:07 AM

යුද්ධය කියන්නේ පුදුමා කාර දෙයක් (දී)

:       0       0

ඉන්දු - මෙල්බෝර්න් Thursday, 10 October 2013 12:37 PM

ඉතින් ඇමෙරිකාව ඕකට දුක් වෙන්නේ ඇයි, එයාල හැමදාම කරන්නේ ත්‍රස්තවාදීන්ට තෑගි දෙන එකනේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site