IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වයඹ දිග සිරියාවේ ‘කලාත්‘ නගරය සිරියානු රජයේ පාලනයට

බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
 
ජිහාද්වාදීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන්ගේ පාලනයේ පැවැති වයඹ දිග සිරියාවේ කලාත් අල් මදීක් නගරය අල්ලා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්විය.
 
 ජිහාද්වාදීන් සහ කැරැලිකරුවන් රුසියානු මිත්‍ර පාර්ශවයේ ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කළේ ද මෙම නගරයේ සිටය. 
 
 ජිහාද්වාදීන්ගේ පාලනයේ පවතින ඉඞ්ලිබ් ප්‍රදේශයට නිරිත දෙසින් මායිම්ව තිබෙන කලාත් අල් මදීක් නගරය සිරියානු රජයේ හමුදා පාලනයට නතු වූයේ සති කිහිපයක් මුළුල්ලේ පැවැති සටන්වලින් පසුවය. 
 
රුසියානු හමුදා, සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ට හිතවත් පාර්ශව සති කිහිපයක් මුළුල්ලේ ජිහාද්වාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කළේය. 
 
 දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වීම නිසා ජිහාද්වාදීන් සහ ඉස්ලාමීය කැරැලිකරුවන් නගරය අත්හැර පලා ගියේ යැයි බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. 
 
“කලාත් අල් මදීක් නගරයේ සිට හ්මෙයිමිම් ගුවන් කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කළා” යැයි එම සංවිධානයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් පැවැසීය. වෙරළබඩ පළාතක් වන ලටාකියාහි පිහිටි මෙම ගුවන් කඳවුරට දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල විය. සන්නද්ධ කණ්ඩායම් ඩ්‍රෝන යානාද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද රුසියාව චෝදනා කළේය.  හ්මෙයිමිම් ගුවන් තොටුපොළට සඳුඳා රොකට් ප්‍රහාර 36ක් එල්ල වී තිබේ. එම ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. 

 (055)



අදහස් (0)

වයඹ දිග සිරියාවේ ‘කලාත්‘ නගරය සිරියානු රජයේ පාලනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site