තණ උලාකමින් සිටි භූමියෙන් ඉවත්ව වෙනත් තණ පිටියකට පැන යාමට තැත්කළ සුදු කළු පැහැති අශ්වයකු වැටක හිරවී කලබගෑනියක් වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ එංගලන්තයේ ශ්රෝප්ෂියර් ප්‍රදේශයේය.
මේ අනතුරට පත්වූ ජෙස්ටර් නම් අශ්වයා බේරා ගැනීමට ගිනි නිවන භටයන් 10 දෙනකුට පැයකට වඩා වැඩි කාලයක් දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. හරස් පොළු හයකින් යුතු ගේට්ටුවේ අශ්වයාගේ උකුල ප්‍රදේශය තද වී හිරවී තිබිණි.
දොඹකරයක් ආධාරයෙන් අශ්වයා අඩි 20ක් ඉහළට ඔසවනු ලැබීය. සතාට තැලීම් හා සීරීම් තුවාල සුළු ප්‍රමාණයක් තිබිණි. සතා දැඩි ආතතියකින් සිටි බව පශු වෛද්‍යවරු කියති.
‘‘ ජෙස්ටර් වැටේ හිරවී සිටියත් ඉතා සන්සුන්ව සිටීම නිසා අපට ඔහු ඉහලට ඔසවන්න හැකියාව ලැබුණා. මෙයට පැයක් පමණ ගත වුණා.“ යැයි ගිනි නිවන ඒකකයේ ක්‍රේග් ජැකී නම් නිලධාරියා කියා සිටියේය.
සියළු දෙනාගේ ම මතය වූයේ අශ්වයා තණකොළ සොයාගෙන අනෙක් වත්තට පනින්නට උත්සාහ ගන්නට ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන අශ්වයෙක් (නි)
මෙම සතාගේ වර්ණයෙන් , උසින් හා හැසිරීමෙන් කිවහැකියි හොඳ පෙළපතක අශ්වයෙක් බව.නමුත් ඔහුට අවශ්‍ය ආහාරපාන රැකබලාගන්නන් විසින් ක්‍රමානුකූලව නොදීමෙන් සිදුවූ කරදරයක් බවයි හැඟෙන්නේ ! (නි)
ආන්න දැක්කද ? වාසි හොයාගෙන පැත්ත මාරුකරන අයටත් වෙන්නේ මේකම තමයි (නි)
හරිම ලස්සන අශ්වයෙක්. (නදී)
වෙන ක්‍රමයක් තිබුනේම නැද්ද මෙි සතාව බෙිරා ගන්න. (නදී)
වෙන ක්‍රම තිබ්බට අශ්වයට අනතුරක් නොවෙන විදියට ගොඩ දාන ක්‍රමය තමයි මේක. අපේ වගේ ලෙඩා මලත් බඩ සුද්දයි තියරිය එහෙ නැහැ (නදී)
අපේ රටේ වටිනාම සම්පත අලියෙකුට වත් අසරණ වූ අවස්තාවකදී මෙවැනි සැලකිලි නැහැ. පතහකට, ලැට් වලකට, වැටුනොත් වනජීවී එක ත්‍රී වීල් එකකින් එනකම් ලැට් වලේ වතුර පෙවිල අලියා අසාධ්‍ය වෙලාත් උෟට ප්‍රති ජීවකයක් වත් නැතිව කැලේට දුවල යනවා. උෟට පාචනේ හැදිලා ටික දවසකින් මැරෙනවා..? ඒකටත් එක්ක මෙන්න නියම සත්ව කරුණාවන්ත මිනිසුන්. උන්ගේ වාසනාව (නදී)
ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා අශ්ව පැටියෙක්. තාම හැබැයි ඉපදිලාවත් නැහැ. ඉන්නේ අම්මගේ බඩ ඇතුලේ.හැබැයි මාධ්‍ය මගින්, දැනටමත් ඩොලර් මිලියන 5 කට වැඩි ප්‍රමාණයකින් ඒ උපදින්න ඉන්න පැටියාගේ මිල නියම කරලා තියෙනවා. හේතුව ඇවිල්ලා අශ්ව අම්මා, ලෝකප්‍රකට අශ්ව රේස් විසි ගානකට සහභාගී වෙලා තියෙනවා.සහභාගී වූ සෑම තරගයකින්ම පළවෙනියා වෙලා තියෙනවා. (ස)
වැට පනින්න ගියොත් හිරවෙනවා, එක සාමාන්‍යයි. (ස)
චමින්දගේ දැනුම්වත් කිරීම හරිම වටිනවා (නදී)
ලංකාවෙත් මේ වගේ අශ්වයෝ ඉන්නවා. උදේ හා සවස කොළඹ කොටුවට ගියොත් බලන්න පුළුවන්, පොලිස් රාළහාමිලා අශ්ව පිටේ ඉන්න ලස්සන (නි)