(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝකයේ කුසගින්නේ සිටින ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි.
ලොව සිටින සියලු දෙනාට ප්‍රමාණවත් පරිදි ආහාර නිෂ්පාදනය වුවද මේ වනවිට මිලියන 815ක් කුසගින්නේ සිටින බව එම වාර්තාව සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයේ සහ පෝෂණයේ තත්ත්වය 2017’ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වී තිබේ.
ගෝලීය ජනගහනයෙන් සියයට 11ක් මේ වනවිට කුසගින්නේ පසුවන බව ද එම වාර්තාව සඳහන් කරයි. වසර 2015 දී මිලියන 777ක් වූ කුසගින්නේ සිටින ජනතාව 2016 වසරේ දී මිලියන 815ක් දක්වා වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් ව තිබේ.
වසර 2050 දී බිලියන 10ක් වනු ඇතැයි අපේක්ෂිත ලෝක ජනහනයේ ආහාර අවශ්ය තාව සැපිරීමත්, පෝෂදායි ආහාර සැපයීමත් අද වනවිට ලෝකය හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝග වලින් එකක් යැයි ද එම වාර්තාව පෙන්වා දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයියලා විසිකරන කෑම කොටස බැලුවහම ලෝකේ බඩගින්න ඉන්න එක අහන්න දෙයක්ද?