IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


රවුම් ගහන එලාම් ඔරලෝසුවක්

කම්මැලියන්ට හිසරදයක් වන තාලයේ ‘එලාම්‘ ඔරලෝසුවක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමාගමක් සමත්ව ඇත.

රැයේ නින්දට යන්නා සකස් කළ වේලාවට පසුදින උදයේ එලාම් නාදය නිකුත් කරන මේ ඔරලෝසුව අනතුරුව කාමරය පුරා රවුම් ගැසීමටද පටන් ගනී.මේ කන්කරච්චලයෙන් බේරීමට නම් කම්මැලිකමට ඇදේ ගුලිවී නොසිට බිමට පැන ඔරලෝසුව අල්ලා එය ක්‍රියාවිරහිත කළ යුතුය.නොඑසේනම් එය දිගින් දිගටම කාමරයේ රවුම් ගසමින් එලාම් නාදය නිකුත් කරමින් සිටිනු ඇත.

පොළව මට්ටමෙන් උස් ස්ථානයක සිට බිමට වැටුණද මේ ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවන බව නිර්මාපකයින් කියයි.ඔවුන් එසේ සදහන් කරන්නේ බොහෝ පුද්ගලයින් සිය එලාම් ඔරලෝසු ඇද ආසන්නයේ කනප්පුවක් වැනි පොළව මට්ටමේ සිට උස් ස්ථානයක තැබීමට පුරුදුව ඇති හෙයිනි.එලාම් නාදය නිකුත් කරගෙනම එවන් උස් ස්ථානයක සිට වුවද ‘බිමට පැනීමට‘ මේ ඔරලොසුව සමත් බව ඔවුන් කියයි.

මේ ‘පැනීම්‘ හා ‘රවුම් ගැසීම්‘ වලට උදවු වන්නේ ඔරලෝසුවට සවිකර ඇති රෝදය. ඒවා එලාම් නාදය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වන ඇටවුමකට සම්බන්ධ කර ඇත.

මෙම නිර්මානයට ඉතා හොද ප්‍රතිචාර ලැඛෙමින් පවතින බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.

 



අදහස් (0)

රවුම් ගහන එලාම් ඔරලෝසුවක්

අකලංක Monday, 01 July 2013 11:45 AM

අනේ මටත් 5ක් ඕනෑ (දී)

:       1       0

ශිරෝමි Sunday, 30 June 2013 11:38 AM

අපෝ මම නං ඕක ගන්නේ නැහැ (නි)

:       0       0

ජෝයි Sunday, 30 June 2013 11:45 AM

පස්ස පැත්තට එලිය වැටෙනකන් නිදාගන්න, ලෝකෙන් ණයට කකා බටහිරට බැන බැන ඉන්න පුරුදු වෙලා ඉන්න අයට මේක නියමයි. (නි)

:       0       0

රාණි Sunday, 30 June 2013 11:46 AM

මේක රාජ්‍යය සේවකයන්ට නොමිලේ බෙදා දෙන්න.මොකෝ උදේ 9 වැඩට වාර්තා නොකර ඉන්න කම්මැලි රාජ්‍යය සේවකයන්ට මේක මරු. (නි)

:       0       0

රූපා Sunday, 30 June 2013 11:47 AM

ගිය අවුරුද්දේ රාජ්‍යය ආයතන වල පාඩුව කෝටි 18500. මේක නිකන් බෙදා දුන්නත් පාඩු නැහැ. (නි)

:       0       0

සමන් Sunday, 30 June 2013 12:22 PM

ඔය කට්ටිය එක එක දේවල් කිවුවට ඕක ලංකාවට එනකොට එයාලගෙයි අපෙයි දෙගොල්ලන්ගෙම සොහොන් වල ගසුත් පැලවෙලා ඇති (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 30 June 2013 09:13 PM

රවුම් ගහන ගමන් වටේට වතුර විදින්නත් පුළුවන් වුනා නම් අපේ අයව ඇඳෙන් බස්සව ගන්න පුවන් වෙයි.(නදී)

:       0       0

සනා Sunday, 30 June 2013 10:04 PM

මරු.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 01 July 2013 10:39 AM

කකුලේ ශක්තිය උරගා බලාවි (දී)

:       0       0

මොහමඩ් - සෞදි Monday, 01 July 2013 04:19 PM

ආනන්ද ආර් ගේ කතාව හරියට හරි. මටත් මේ වගේ 1ක් තිබුනොත් හොඳයි මෙහෙ 4.45 ට නැගිට්ටොත් විතරයි වෙලාවට බස් එක අල්ලලා වැඩට යන්න පුළුවන් වෙන්නේ. උදේට නැගිටින්න හරිම කම්මැලියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site