අධික ලෙස බීමත්ව හෝටල් සේවකයකුට බැනවැදී පහරදීමට තැත් කළ නවසීලන්ත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස නවසීලන්ත අගමැති කළ දැනුම් දීමකට අනුව ඔහු පසුගිය ඉරිදා ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා වූයේ ඇරොන් ග්‍රිල්වෝය.
නවසීලන්තයේ හෝටලයකදී මන්ත්‍රී එහි සේවකයකුට මත්පැන් රැගෙන එන ලෙපස දන්වා තිබේ. ඔහු අධික ලෙස මත්පැන් පානය කර තිබූ නිසා සේවකයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහුට පහර දීමට තැත් කර තිබේ.
‘මම කවුද කියලා දන්නේ නැද්ද? තමන්වඅගමැතිට කියලා දොට්ට දාන්න මට පුළුවන්‘ යයි මන්ත්‍රී සේවකයාට පැවැසූ බව එහි සිටි නිතීඥවරයෙක් නවසීලන්ත අගමැතිට දන්වා තිබේ.
එම පැමිණිල්ල අනුව මන්ත්‍රීවරයා කැඳවා ඔහුට තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති ජෝන් කී දැනුම් දුන්නේය.
මුලින් ඔහු ඉල්ලා අස්වීමට අදිමදි කළත් පසුව තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දිය අපේ ලංකාවේ වුණා නම් මොකක්ද ඇතිවෙන තත්වය? හාත්පසින්ම වෙනස් වෙයි නේද ..? (නි)
ලංකාවට ගෙන්නගන්න තියෙන්නේ (නි)
ඔයා වැරදි රටක ඉපදුනේ. අපේ රටේ ඉපදුණා නම් "මම කවුද කියලා දන්නේ නැද්ද? " "ගිඩිස්..ගිඩිස්. ඩෝම්...ඩෝම්...". හෝටලෙත් ඉවරයි. සේවකයාත් ඉවරයි... ඩෝප් කාරයා කැබිනට් ඇමති කෙනෙක් පහුවදාම. (නි)
අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත (නි)
මමත් එහෙ හිටියා. අපරාදේ මට මෑන්ව හමු වුණේ නැහැනේ. මට හමු වුණා නම් මෙහෙ වැඩ ඔක්කොම කියලා දෙනවා. (නි)