වෝර්සෝව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
බටහිර ඉවුරේ දකුණට වන්නට පිහිටි පලස්තීන නගරයක් වන හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය අද (7) කටයුතු කළේය.
යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා හා සංස්කෘතික සංවිධානය) සංවිධානය ඉපැරැණි හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීම සඳහා රහස් ඡන්ද විමසුමක් ද පැවැත්වීය.
යුනෙස්කෝ සංවිධානයේ මෙම තීරණයත් සමඟ ඊශ්‍රායලය හා පලස්තීනය අතර නව අර්බුදයක් ද නිර්මාණය වනු ඇතැයි පැවසේ. ඡන්ද විමසීමේදී හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට පක්ෂව ඡන්ද 12ක් ද විපක්ෂව ඡන්ද 3ක් හිමිවිය. රටවල් හයක නියෝජිතයෝ ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොවූහ.
බටහිර ඉවුරේ හෙබ්රෝන් හි පලස්තීන ජාතිකයන් 200,000ක් පමණ ජීවත්වන අතර ඊශ්‍රායල ජාතිකයන් සිය ගණනක් ද එහි ජීවත්වෙති. යුනෙස්කෝ සංවිධානයේ මෙම තීරණයට විරෝධය පළ කරමින් එම තීරණය නින්දා සහගත ක්‍රියාවක් යැයි ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.
(055)
2025 දෙසැම්බර් මස 18
401
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලස්තීනයේ හෙබ්රෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරයි
ravin Sunday, 09 July 2017 11:06 AM
ඊස්‍රාලයට ඕන විදියට ලෝකය නැටුවොත් වෙන්නේ මුලු ලෝකයම පිස්සන් කොටුවක් වෙන එක විතරයි.
sampath Monday, 10 July 2017 04:30 AM
ගහක් කොලක් නැති කාන්තාර.