(බී බී සී පුවත් ඇසුරිණි-085)
නැව්ගැඩවිලා ලෙස හඳුන් වන වර්ගයේ ඉතා දුර්ලභ යෝධ ගැඩවිලකුගේ සජීවී නිදර්ශකයක් ප්‍රථම වරට පිලිපීනයෙන් සොයාගැනීමට හැකි වී ඇතැයි විද්‍යාඥයෝ පිරිසක් පවසති.
මෙම ගැඩවිලා දිගින් අඩි 5ක් පමණ වන අතර අඟල් 2.3ක පමණ විශ්කම්භයකින් යුතු වේ. පිලිපීනයේ මින්දනාවෝහි නාවුක වරායකින් මෙම වර්ගයේ යෝධ නැව්ගැඩවිලන් පස්දෙනකු හමුවී ඇත.
මට්ටියන් අයත් වන දෙපියන් බෙල්ලන්ගේ කාණ්ඩයට අයත් වන මොවුන් පල් වූ දැව හා මඩ ආහාරයට ගන්නා ගන්නා බවත් ඝන කොපුවක් තුළ දිවිගෙවන බවත් විද්‍යාඥයෝ පවසති.
අවුරුදු ගණනාවක සිට මොවුන් සම්බන්ධ තොරතුරු දැන සිටියත් සජීවී සතකු මේ වනතෙක් දැකගැනීමට හැකි වී තිබුණේ නැත.
ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාව සම්බන්ධ ජාතික ආයතනයේ සඟරාවක මේ සම්බන්ද තොරතුරු එළිදක්වා ඇති අතර ඇමරිකානු, චීන සහ ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් මෙම සොයාගැනීමට දායක වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීනකාරයෝ කන දේවල් වල හැටියට මේ සත්තුන්වත් ආහාරයට ගන්නවයි කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ
ඔන්න කරනවනම් වැඩක්, ගෙන්න ගන්න 50ක් විතර මෙහාට කුණු ප්‍රශ්නය ඉවරයි.
පුදුම හිතෙනවා. මේ සතාගෙ පින්තූරයක් දාන්න පුළුවන් නම් අගෙයි!
සෑම්ගේ අදහස කියැවුවාම මට සෑම් ගැන අනේ අපොයි කියා හිතෙනවා.