IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිලිපීනයෙන් යෝධ ගැඩවිල්ලකු සොයා ගනියි

(බී බී සී පුවත් ඇසුරිණි-085)
 
නැව්ගැඩවිලා ලෙස හඳුන් වන වර්ගයේ ඉතා දුර්ලභ යෝධ ගැඩවිලකුගේ සජීවී නිදර්ශකයක් ප්‍රථම වරට පිලිපීනයෙන් සොයාගැනීමට හැකි වී ඇතැයි විද්‍යාඥයෝ පිරිසක් පවසති. 
 
මෙම ගැඩවිලා දිගින් අඩි 5ක් පමණ වන අතර අඟල් 2.3ක පමණ විශ්කම්භයකින් යුතු වේ. පිලිපීනයේ මින්දනාවෝහි නාවුක වරායකින් මෙම වර්ගයේ යෝධ නැව්ගැඩවිලන් පස්දෙනකු හමුවී ඇත.
 
මට්ටියන් අයත් වන දෙපියන් බෙල්ලන්ගේ කාණ්ඩයට අයත් වන මොවුන් පල් වූ දැව හා මඩ ආහාරයට ගන්නා ගන්නා බවත් ඝන කොපුවක් තුළ දිවිගෙවන බවත් විද්‍යාඥයෝ පවසති. 
 
අවුරුදු ගණනාවක සිට මොවුන් සම්බන්ධ තොරතුරු දැන සිටියත් සජීවී සතකු මේ වනතෙක් දැකගැනීමට හැකි වී තිබුණේ නැත.
 
ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාව සම්බන්ධ ජාතික ආයතනයේ සඟරාවක මේ සම්බන්ද තොරතුරු එළිදක්වා ඇති අතර ඇමරිකානු, චීන සහ ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් මෙම සොයාගැනීමට දායක වී ඇත.



අදහස් (4)

පිලිපීනයෙන් යෝධ ගැඩවිල්ලකු සොයා ගනියි

sam Tuesday, 18 April 2017 12:01 PM

පිලිපීනකාරයෝ කන දේවල් වල හැටියට මේ සත්තුන්වත් ආහාරයට ගන්නවයි කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ

:       9       182

Susil Tuesday, 18 April 2017 08:42 PM

ඔන්න කරනවනම් වැඩක්, ගෙන්න ගන්න 50ක් විතර මෙහාට කුණු ප්‍රශ්නය ඉවරයි.

:       7       7

රාජුන් Wednesday, 19 April 2017 10:09 PM

පුදුම හිතෙනවා. මේ සතාගෙ පින්තූරයක් දාන්න පුළුවන් නම් අගෙයි!

:       0       0

රාජුන් Wednesday, 19 April 2017 10:11 PM

සෑම්ගේ අදහස කියැවුවාම මට සෑම් ගැන අනේ අපොයි කියා හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site