ෆ‍්‍රැන්සිස් පාප්තුමාගේ 77 වන උපන් දිනය අදයි. පාප්තුමා නිහතමානිත්වය, සරල බව ලොවටම පෙන්වා දෙමින් සියළු උත්සව ප‍්‍රතික්ෂේප කරමින් උපන් දිනය සැමරුවේ ඉතා අසරණ, දුප්පතුන් සිව් දෙනකු සමගිනි.
වතිකානුවේ වීදිවල ජීවත් වන මොවුන් සිව්දෙනාට පාප් වහන්සේ උදේ ආහාරය පිරිනැමීය. එතුමාට උපන් දිනයට සුබ පැතීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබිණි.
ආජන්ටිනා ජාතික පාප් වහන්සේට එක් මිල කළ නොහැකි ත්‍යාගයක් පිරි නැමීමට කණ්ඩායමක් සූදානමින් සිටියි. ඒ එතුමාගේ පි‍්‍රයතම බුවනෝර්ස් අයර්ස් නුවර පාපන්දු කණ්ඩායමක් පසුගිය සතියේදී දිනා ගන්නා ලද ජය සලකුණයි.
ඔවුන්ගේ ජයග‍්‍රහණය දැනගත් මොහොතේ පාප් වහන්සේ ‘කොපමණ සතුටක්’ දැයි පැවසූ බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදුක් වේවා නිරෝගී වේවා . සුබ උපන් දිනයක් වේවා (අ)
සුබ උපන්දිනයක් වේවා. ජේසු පිහිට පතමි.(දිල්)
සුබ උපන් දිනයක් වේවා (අ)
පාප්තුමා ඉන්නෙත් බොහොම දුප්පත් පැල්පතක තමයි. එතුමාගේ හැටියට. පාප් පදවිය කියන්නේ එසේ මෙසේ දෙයක්ද? මේ වගේ දෙයක් කරපු එකම කොතරම් උතුම්ද? කෙදිනකවත් මේ රටේ අය කරයිද? අඩු තරමෙ දේශපාලුවෙක්වත්? (නදී)
ඔබ තුමා උතුම් හරිම ස්තුතියි.(නදී)
දෙවියන් වහන්සේ ඔබ සමග වේවා! (නදී)
සැබෑ ජිවිතයේ අරමුණ, ලෝකයට ජිව්තාදර්ශයෙන් පෙන්වන සැබෑ නායකයෙක්. සුභ උපන්දිනයක් වේවා පියාණනේ. ජේසු පිහිටයි.(නදී)
ඔබ තුමා දෙවියන්ගෙන් ආශීර්වාද ලත් තැනැත්තෙක්. ඔබ තුමාට දීර්ඝ ආයුෂ පතමි.(නදී)
ඔබ තුමාට දේව පිහිට සහ දිගාසිරි පතමු.....(අ)
බලන් ගියාම වතිකානුවෙත් දුප්පතුන් ඉන්නවා එහෙනම්.(නදී)
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා! ජේසු පිහිටයි. (නදී)
මෙතුමා ගැන අද මම හොඳ දෙයක් ලිව්වත් පවතින වාරණ ක්‍රමයට අනුව "බලධාරියා විසින් කපා ඇත". මෙහි අනාවැකි පළ කිරීම තහනම් බවයි පෙන්නේ.(දිල්)
ඔබතුමාට දිගාසිරි පතමු. (අ)
සුබ උපන්දිනයක් වේවා (අ)
සුභම සුභ උපන්දිනයක් වේවා. තව තවත් ජේසුගේ සුභරංචිය ජනතාව අතරට ගෙනියන්න අසිරි ලැබේවා! (නදී)