ප්‍රහසන ශිල්පින් දෙදෙනෙකු ලෙස ලොව වටා ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද " පොඩි මල්ලි සහ චුටි මල්ලි " ලෙස රඟ පාන "අපි නොදන්න ලයිව්" සජීවී හාස්‍ය ප්‍රසංගය ලබන 25 වන ඉරිදා ලන්ඩන් නුවරදී ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇත.
ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ ලන්ඩන් නුවර පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයිය ආදි ශිෂ්‍යන්ගේ සංගමය විසිනි. ගාමින්ද ප්‍රියවිරාජ් ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
පැය දෙකක් පුරා මේ ශිල්පින් දෙදෙනාගේ ජනප්‍රිය විකට අංග බොහෝ ගණනක් වේදිකාවේ ඉදරිපත් කෙරෙන මෙම ප්‍රසංගය ඉරිදා සවස 3 සිට කින්ස්බරි මහා විද්‍යාල රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික ශිල්පින් දෙදෙනෙක් මෙවන් ප්‍රසහන අංග ඇතුළත් වැඩසටහනක් ඉදිරිපත් කෙරෙන්නේ මුල් වතාවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දෙන්න හරිම දක්ෂයින් දෙන්නෙක් , මෙහෙත් (කටාර්)ඇවිත් යන්න එන්න , හොද ප්‍රතිචාර නොඅනුමානයි. (බ)
ඉස්සර නම් දක්ෂ කමක් තිබුණා තමයි .අලුත් අලුත් දේවල් ගොඩක් කරා. අපිත් හරිම අසාවෙන් රස වින්දා. පස්සේ පස්සේ සල්ලි පස්සේ ගිහින් අන්තිමට දේශපාලකයන්ට කඩෙත් ගිහින් අජුත වෙලා ගියා. ලංකාවේ ගොඩක් නළුවන්ට නිළියන්ට විවිධ ශිල්පීන්ට නැත්තේ හැකියාව නෙවෙයි. බුද්දිමත් බව එක මෙයාල දැනටත් පොදුයි. මේ අයට සංඝා ගෙන් අරවින්ද ගෙන් මහේලගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා එත් මෙයාල ඉගන ගන්නේ සුසන්තිකාගෙන්, අර්ජුනගෙන් එකයි ඇත්ත (අ)
උපුල්, පසුගිය කාලයේ බිඳවැටුණු සමාජ සංස්කෘතිය තුළ සිටි අයට බැණලා මොනවා කරන්නද? (නි)
මෙයාලා කොහොම වෙතත් උපුල් නම් දේශපාලකයන්ට කඩේ යන බව අදහසින්ම පෙනෙනවා. චූටි මල්ලි, පොඩි මල්ලි, ඔයාලට මගේ සුබ පැතුම්! (නි)
මම ආසම කරන චරිත දෙකක් (නි)
ආදරණිය ජෙරාඩ්, ළමයෙකුට ළමයකු වශයෙන් ජීවත්වීමේ පූර්ණ අයිතියක් ඇත. කවරම තැනෙක කවරම ආකාරයක, කවරම පරිසරයක, කවර මවකට, පියෙකුට දාව උපත ලදද,ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට, ප‍්‍රමාණවත් සේ සිය කායික, මානසික, බුද්ධිමය, භාවමය, සමාජමය, වර්ධනය මතුකර ගැනීමට තව කාලයක් ගතවනු ඇත. එනයින් ඔබගේ අදහස ගැන මා පුදුම වන්නේද නැත (නි)
උපුල්, මම මේ නිකන් අහන්නේ. අර්ජුනගෙන් ඉගෙනගත්තොත් මරුනේ. තව ලෝක කුසලානයක් ගෙනාවැහැකිනේ. (නි)
කඩේ ගිය අය ගැන ප්‍රේක්ෂකයා බොහොම විමසිල්ලෙන් ඉන්නේ. සංවිධායකයෝ මේවා ගැන දන්නේ නැතුවද මේ තරම් මුදල් යට කරන්නේ? (රේ)
පුක්කුස,උපුල් දෙන්නම මේ දෙන්නගේ හොඳ රසිකයින් කියලා තේරෙනවා (නි)
හසන්ත තිත්ත ඇත්ත තමයි අර්ජුන කවමදාවත් ලංකාවට අයෙත් ලෝක කුසලානයක් ගේනවාට කැමති නැති එක .නමුත් එයා ගෙන් ඉගෙන ගන්න ක්‍රිකට් නම් මම දන්නේ නැහැ . (ම)
හැමදාම අලුත් විදියට හිතන දෙන්නෙක්. (ර)
මමත් ආසයි මෙයාලගේ වැඩසටහන් වලට. (ර)
නියමයිනේ! (නි)
ඇත්ත කෙළින් කතාකරන එක , ඒ වෙනුවෙන් පෙනීසිටින එක කඩේ යාමක් නෙමෙයි. සුනෙත් , ගාවින්ද, නුඹලාට ජය! (නි)
මමත් මේ දෙන්නව බොහොම ප්‍රිය කරනවා (බ)