IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොඩි මල්ලියි චුටි මල්ලියි ලන්ඩනයේ

ප්‍රහසන ශිල්පින් දෙදෙනෙකු ලෙස ලොව වටා ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද " පොඩි මල්ලි සහ චුටි මල්ලි " ලෙස රඟ පාන "අපි නොදන්න ලයිව්" සජීවී හාස්‍ය  ප්‍රසංගය ලබන 25 වන ඉරිදා ලන්ඩන් නුවරදී ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇත.

ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ ලන්ඩන් නුවර පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයිය ආදි ශිෂ්‍යන්ගේ සංගමය විසිනි. ගාමින්ද ප්‍රියවිරාජ් ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

පැය දෙකක් පුරා මේ ශිල්පින් දෙදෙනාගේ ජනප්‍රිය විකට අංග බොහෝ ගණනක් වේදිකාවේ ඉදරිපත් කෙරෙන මෙම ප්‍රසංගය ඉරිදා සවස 3 සිට කින්ස්බරි මහා විද්‍යාල  රඟහලේදී පැවැත්වීමට නියමිතය.

ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික ශිල්පින් දෙදෙනෙක් මෙවන් ප්‍රසහන අංග ඇතුළත් වැඩසටහනක් ඉදිරිපත් කෙරෙන්නේ මුල් වතාවටය.

API-NODANNA-LAVI



අදහස් (0)

පොඩි මල්ලියි චුටි මල්ලියි ලන්ඩනයේ

උපුල් Wednesday, 21 October 2015 01:40 PM

ආදරණිය ජෙරාඩ්, ළමයෙකුට ළමයකු වශයෙන් ජීවත්වීමේ පූර්ණ අයිතියක් ඇත. කවරම තැනෙක කවරම ආකාරයක, කවරම පරිසරයක, කවර මවකට, පියෙකුට දාව උපත ලදද,ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට, ප‍්‍රමාණවත් සේ සිය කායික, මානසික, බුද්ධිමය, භාවමය, සමාජමය, වර්ධනය මතුකර ගැනීමට තව කාලයක් ගතවනු ඇත. එනයින් ඔබගේ අදහස ගැන මා පුදුම වන්නේද නැත (නි)

:       0       0

හසන්ත Wednesday, 21 October 2015 01:57 PM

උපුල්, මම මේ නිකන් අහන්නේ. අර්ජුනගෙන් ඉගෙනගත්තොත් මරුනේ. තව ලෝක කුසලානයක් ගෙනාවැහැකිනේ. (නි)

:       0       0

උපුල් Thursday, 22 October 2015 04:54 AM

හසන්ත තිත්ත ඇත්ත තමයි අර්ජුන කවමදාවත් ලංකාවට අයෙත් ලෝක කුසලානයක් ගේනවාට කැමති නැති එක .නමුත් එයා ගෙන් ඉගෙන ගන්න ක්‍රිකට් නම් මම දන්නේ නැහැ . (ම)

:       0       0

උපුල් Wednesday, 21 October 2015 09:12 AM

ඉස්සර නම් දක්ෂ කමක් තිබුණා තමයි .අලුත් අලුත් දේවල් ගොඩක් කරා. අපිත් හරිම අසාවෙන් රස වින්දා. පස්සේ පස්සේ සල්ලි පස්සේ ගිහින් අන්තිමට දේශපාලකයන්ට කඩෙත් ගිහින් අජුත වෙලා ගියා. ලංකාවේ ගොඩක් නළුවන්ට නිළියන්ට විවිධ ශිල්පීන්ට නැත්තේ හැකියාව නෙවෙයි. බුද්දිමත් බව එක මෙයාල දැනටත් පොදුයි. මේ අය‍ට සංඝා ගෙන් අරවින්ද ගෙන් මහේලගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා එත් මෙයාල ඉගන ගන්නේ සුසන්තිකාගෙන්, අර්ජුනගෙන් එකයි ඇත්ත (අ)

:       0       0

පුක්කුස-ලන්ඩන් Wednesday, 21 October 2015 05:34 PM

කඩේ ගිය අය ගැන ප්‍රේක්ෂකයා බොහොම විමසිල්ලෙන් ඉන්නේ. සංවිධායකයෝ මේවා ගැන දන්නේ නැතුවද මේ තරම් මුදල් යට කරන්නේ? (රේ)

:       0       0

කපිල Friday, 23 October 2015 04:29 AM

නියමයිනේ! (නි)

:       0       0

සෙනරත් Thursday, 22 October 2015 06:15 AM

හැමදාම අලුත් විදියට හිතන දෙන්නෙක්. (ර)

:       0       0

ජනක Friday, 23 October 2015 04:31 AM

ඇත්ත කෙළින් කතාකරන එක , ඒ වෙනුවෙන් පෙනීසිටින එක කඩේ යාමක් නෙමෙයි. සුනෙත් , ගාවින්ද, නුඹලාට ජය! (නි)

:       0       0

අමල් Thursday, 22 October 2015 06:23 AM

මමත් ආසයි මෙයාලගේ වැඩසටහන් වලට. (ර)

:       0       0

චේතන Wednesday, 21 October 2015 08:30 PM

පුක්කුස,උපුල් දෙන්නම මේ දෙන්නගේ හොඳ රසිකයින් කියලා තේරෙනවා (නි)

:       0       0

ශාන්ත - කටාර් Wednesday, 21 October 2015 06:02 AM

ඇත්තටම මේ දෙන්න හරිම දක්ෂයින් දෙන්නෙක් , මෙහෙත් (කටාර්)ඇවිත් යන්න එන්න , හොද ප්‍රතිචාර නොඅනුමානයි. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 October 2015 12:18 PM

උපුල්, පසුගිය කාලයේ බිඳවැටුණු සමාජ සංස්කෘතිය තුළ සිටි අයට බැණලා මොනවා කරන්නද? (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 21 October 2015 12:22 PM

මෙයාලා කොහොම වෙතත් උපුල් නම් දේශපාලකයන්ට කඩේ යන බව අදහසින්ම පෙනෙනවා. චූටි මල්ලි, පොඩි මල්ලි, ඔයාලට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

සොපි Friday, 23 October 2015 05:38 AM

මමත් මේ දෙන්නව බොහොම ප්‍රිය කරනවා (බ)

:       0       0

කුමාර Wednesday, 21 October 2015 12:48 PM

මම ආසම කරන චරිත දෙකක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site