කුඩා පිරිමි ළමයකුගේ ක්‍රියාවක් හේතුවෙන් ජනාධිපති බැරක් ඔබාමාගේ දේශනයක් ප්‍රමාද කිරීමට සිදුව ඇත. ඔබාමා ඉරාක ජාතීන් ඇමතීමට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සූදානම් ව සිටියේය. ඒ අවස්ථාවේ ධවල මන්දිරියේ උතුරු තෘණභූමි ප්‍රදේශයේ වැට පැනීමට කොළු ගැටයෙක් උත්සාහ ගැනීමෙන් ඇතිවූ කලබලය නිසා තම දේශනය ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.
කුඩා පිරිමි දරුවා ධවල මන්දිර වැටේ කූරු අතර තෙරපී සිටිය දී පසුව සොයාගන්නා ලදී. ආරක්ෂක අංශ පැමිණ ඔහු දෙමාපියන්ට භාර කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ දේශනයක් ප්‍රමාද කිරීමට තමන් කුඩා කාලයේ සමත් වූ බව මේ දරුවාට කිසිදිනක අමතක නොවනු ඇතැයි ඔහුගේ දෙමාපියෝ කියති.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොඩි කොල්ලෙක් ඔබාමාට බාධා කරයි
මාලිකා Saturday, 09 August 2014 11:56 PM
ඔබාමාගේ බලයේ තරම පොඩි එකා දන්නේ නැහැනේ ඉතින් (නි)
දුම්මලසූරිය Friday, 08 August 2014 06:20 PM
ඔබාමාගේ දේශනය නවත්වලා තියෙන්නේ පොඩි එකා වැට පැනලා ඇවිල්ලා ඔබාමාට හිරිහැරයක් කරයි කියන බයටද? එහෙමත් නැත්නම් පොඩි එකා වැටේ හිරවෙලා නිසා එයාගේ ජීවිතයට කරදරයක් නැතුව එයාව බේරාගන්නකම් බලාහිටිය නිසාද? (නි)
ජයත් Saturday, 09 August 2014 04:01 PM
පොඩි එකා තවත් පොඩි එකෙකුට බාධා කරල එච්චරයි. (අ)