ව්ලැදිමීර් පුටින් සිව්වැනි වරටත් ජනාධිපතිවරයා බවට පත්වන අනාවැකි පළ වී ඇතැයි මොහොතක රුසියානු ජනාධිපතිවරණය අද (18) පැවැත්විණි.
අද (18) ඉරිදා පැවැති ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 100කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා තිබූහ. තවත් වසර හයක් සඳහා ජනාධිපතිධුරයට පත්වීමට නියමිත බලාපොරොත්තුවෙන් සිටින ව්ලැදිමිර් පුටින්ට අමතරව තවත් අපේක්ෂකයෝ හත් දෙනෙක් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත්ව සිටිති.
මිලියනපති පාවෙල් ගෘඩිනියන්, ජනප්‍රිය රූපවාහිනි නිවේදිකාවක වන සීනියා සබ්චැක්, ජාතිකවාදී ව්ලැදිමීර් චිරිනොව්ස්කි පුටින්ගේ ප්‍රතිවාදීන් අතර සිටින ප්‍රබලයෝ වෙති. දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා රුසියාවේ ප්‍රධාන විපක්ෂ නායකයා වන ඇලෙක්සෙයි නවාල්නිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය. තමන්ට චෝදනා එල්ල කිරීම හා වරදකරු කිරීම දේශපාලන වුවමනාවක් මත සිදුවූවාක් යැයි ද හෙතෙම චෝදනා කරයි. ඡන්ද දායකයන්ගෙන් ඡන්දය දීමෙන් වැළැකී සිටින්නැයි ඉල්ලූ නවාල්නි ඔහුගේ ආධාරකරුවන් ඇතුළු දහස් ගණනක් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට යෙදවීය.
හැට පස්වන වියේ පසුවන ව්ලැදිමීර් පුටින් 1999 වසරේ සිට මේ දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස හෝ රුසියාවේ ප්‍රබලතම බලසම්පන්නම නායකයා ලෙස කටයුතු කරයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1,700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන ගෝලෝස් සංවිධානය වාර්තා කළේය.
ඇතැම් ප්‍රදේශවල ආපනශාලා හා සාප්පුවල නොමිලේ ආහාර හා වට්ටම් දුන් බවට තොරතුරු වාර්තා වූ බව ද එම සංවිධානය වාර්තා කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බලවතෙකුව සිටි සෝවියට් දේශය බිඳ වැටුණු පසු... හිඟන තත්වයට අැද වැටුණු රුසියාව අද වනවිට බලවතෙක් බවට පත් කිරීමට පුටින්ට හැකි වුණා. යම් ගැටළු අැතත් ලෝකය තුළ අද එක් පැත්තකට යොමු වී තිබෙන බලය තුලනය වීම අත්‍යාවශ්‍ය සාධකයක්. නැවත සෝවියට් අනබිභවනීයත්වය ගොඩනැගෙනවා නම් ඉතා වැදගත්. එ් තුළ සිදු වූ යහපත් හා අයහපත් දේ බැලුවාම අනෙක් රටවලට සාපේක්ෂව යහපත් පැත්තේ බර වැඩියි.
එකත් එකටම එහෙනම් පුටිනුත් එයාගේ ගෝලයෙක් මහලේකම් කමටයි පක්ෂ සභාපති කමටයි දාගෙන ඉන්න ඇති. නැතිනම් කොහොමද ඔයතරම් කාලයක් ඔය තනතුරේම ඉන්නේ දුම්මල ගැහැව්වත් යන්නේ නැතුව?