ගී‍්‍රසියේ ඉකුත් මැයි 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට ජන වරමක් හිමි නොවීම නිසා අභිනවයෙන් මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති කාලෝස් පැපොලියස් ඊයේ (17) තීරණය කළේය.
ඒ අනුව එරට අගවිනිසුරු පැනජයෝටිස් පිකරමෙනෝස් භාරකාර අගමැති ලෙස පත් කෙරුණි. ඔහුගේ ප‍්‍රධාන කාර්යය වනු ඇත්තේ මීළඟ මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමය. මැතිවරණය ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිතය.
‘අප රටට දුෂ්කර කාලයක් උදා වී ඇතැයි’ පැවැසූ පිකරමෙනෝස්, රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින් නව රජයක් පිහිටුවිය යුතු යැයි අගමැති ධුරයේ වැඩ භාර ගනිමින් පැවැසුවේය.
ගී‍්‍රසිය උග‍්‍ර මූල්‍ය අර්බුදයකට ලක් වී, ණය බරින් ද මිරිකී සිටී. යුරෝපා සංගමයට අයත් යුරෝ මුදල් කලාපයේ රටක් නිසා, යුරෝපා සංගමයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්වී ගී‍්‍රසියට යූරෝ බිලියන 240 ක ආධාර මුදල් පැකේජයක් ලබා දීමට සැරසෙයි.
එම ආධාර මුදල් පැකේජය ගැනීමට නම් ගී‍්‍රක රජයට දළදඬු ලෙස, විශාල වශයෙන් ජනතා සහන කප්පාදු කිරීමට සිදුවෙයි. ගී‍්‍රක ජනතාව මෙන්ම එරට දේශපාලන පක්ෂද ඊට විරෝධය පළ කරන අතර ඉකුත් 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, පසු කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වූයේ එහෙයිනි.ගී‍්‍රසියේ ඉකුත් මැයි 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට ජන වරමක් හිමි නොවීම නිසා අභිනවයෙන් මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති කාලෝස් පැපොලියස් ඊයේ (17) තීරණය කළේය.
ඒ අනුව එරට අගවිනිසුරු පැනජයෝටිස් පිකරමෙනෝස් භාරකාර අගමැති ලෙස පත් කෙරුණි. ඔහුගේ ප‍්‍රධාන කාර්යය වනු ඇත්තේ මීළඟ මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමය. මැතිවරණය ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිතය.
‘අප රටට දුෂ්කර කාලයක් උදා වී ඇතැයි’ පැවැසූ පිකරමෙනෝස්, රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින් නව රජයක් පිහිටුවිය යුතු යැයි අගමැති ධුරයේ වැඩ භාර ගනිමින් පැවැසුවේය.
ගී‍්‍රසිය උග‍්‍ර මූල්‍ය අර්බුදයකට ලක් වී, ණය බරින් ද මිරිකී සිටී. යුරෝපා සංගමයට අයත් යුරෝ මුදල් කලාපයේ රටක් නිසා, යුරෝපා සංගමයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්වී ගී‍්‍රසියට යූරෝ බිලියන 240 ක ආධාර මුදල් පැකේජයක් ලබා දීමට සැරසෙයි.
එම ආධාර මුදල් පැකේජය ගැනීමට නම් ගී‍්‍රක රජයට දළදඬු ලෙස, විශාල වශයෙන් ජනතා සහන කප්පාදු කිරීමට සිදුවෙයි. ගී‍්‍රක ජනතාව මෙන්ම එරට දේශපාලන පක්ෂද ඊට විරෝධය පළ කරන අතර ඉකුත් 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, පසු කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වූයේ එහෙයිනි.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නව මැතිවරණයක් පවත්වන්න ගී‍්‍රක ජනපති පැපොලියස් සූදානම්