ඔස්ට්‍රේලියාව හා පුපුවා නිවිගිනියාවට දකුණු දිග මුහුදේ සිටින නව ඩොල්ෆින් විශේෂයක් හඳුනාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ මේ ඩොල්ෆින් විශේෂය හම්බැක් වර්ගයට අයත්වන බවයි.
සෝසා සවුලෙන්සිස් යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති මේ නව විශේෂය වෙනත් ඩොල්ෆින් සතුන්ගෙන් වෙන්කැර හඳුනාගැනීමට සිරුරේ වර්ණය, වඩාත් පිටුපසින් පිහිටි පෘෂ්ඨීය වරළ, අස්ථි සැකැස්ම හා ජානමය ලක්ෂණ උපයෝගී කැරගත් බව ද පර්යේෂකයෝ කියති.
සාමාන්‍යෙයන් මීටර 2.5ත් තුනත් අතර ප්‍රමාණයකට වැඩෙන මේ නව විශේෂයේ ඩොල්ෆින් මසුන් වඩාත් කුලෑටි බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
නව ඩොල්ෆින් විශේෂය සොයා ගැනීමත් සමග ලොව හම්බැක් වර්ගයේ ඩොල්ෆින් විශේෂ සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාවේ නැගෙන හිර මහුද මහා බාධක පරය නොගැඹුරු මුහුද ,සාගර ගවේෂකයින්ට තෝතැන්නක් බව කීවොත් නිවැරදියි.දුර්ලභ ඝනයේ නව ඩොල්ෆින් මත්ස්‍යයින් ප්‍රමාදවී හෝ ලොවට හඳුන්වා දීම ඉතාමත් අගනා කාර්යයක් ! (දී)