IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


න්‍යෂ්ටික බලාගාර වහන්න ස්පාඤ්ඤය තීරණය කරයි

ඉදිරි කාලයේදී තමන් සතුව ඇති න්‍යෂ්ටික බලාගාර හතම වසා දැමීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත. මේ අනුව 2025 වසරේ සිට 2035 දක්වා කාලයේදී එම න්‍යෂ්ටික බලාගාර වසා දැමෙනු ඇත.  

වසර 2050 වනවිට රටට අවශ්‍ය සියලු විදුලිබලය පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් සපයා ගැනීමට ද ස්පාඤ්ඤය බලාපොරොත්තු වේ. 

ස්පාඤ්ඤයේ බලශක්ති අමාත්‍ය තෙරේසා රිබේරා ඒ බව නිවේදනය කළාය. ස්පාඤ්ඤයේ පවතිනුයේ සමාජවාදී ආණ්ඩුවක් වන ආණ්ඩුව ඉක්මන් මැතිවරණයක් කැඳවීමට සූදානමින් සිටී. එරට අයවැය ද නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත්වීමේ අවදානමක් ද හටගෙන තිබේ. 

පසුගිය වසර වනවිට ස්පාඤ්ඤයේ ප්‍රධාන භූමියේ බලශක්තිවලින් සියයට 40ක් නිපදවූයේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලිනි. 

වසර 2021 සිට 2030 දක්වා කාලයේදී න්‍යෂ්ටික බලාගාර අත්හැර පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් විදුලිය උත්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 235ක ආයෝජනයක් අවශ්‍ය වන බව ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් පසුගිය දිනෙක පැවැසීය. 

රොයිටර් ඇසුරිනි

055



අදහස් (2)

න්‍යෂ්ටික බලාගාර වහන්න ස්පාඤ්ඤය තීරණය කරයි

Kumar Wednesday, 13 February 2019 04:54 PM

න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් පාවිච්චිය නතර කලාට ඉදිරියට වසර 10,000ක් පමණ කාලයක් එය බලාගැනීමට සේවක පිරිසක් යෙදවීමට සිදුවෙනවා.

:       0       13

hesa Wednesday, 13 February 2019 08:51 PM

බුදු අම්මෝ, ඒ වියදමත් එක්ක ගොඩ ඒමක් නැහැනේ. පරම්පරා නම් කීයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site