පුංචි අවදියේ නියපොතු කන්නේ යැයි ලැබූ තරවටු නිසා දිගටම නියපොතු වැවීමට ඉඩ හැර දැන් දෙඅතේම අඟල් 14 ක් පමණ දිගින් යුතු නියපොතු ඇතිව සිටින කාන්තාවක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
ලාරූ ඩෘමොන්ඩ් නම් වන ඇය දැන් 54 හැවිරිදි සිව්දරු මවකි.
තමන් නියපොතු වැවීම ආරම්භ කළේ 13 වැනි වියේ සිට බව ඇය කියන්නීය.
දිග නියපොතු ඇති කාන්තාවක් දැක තමන්ට නියපොතු වැවීමට සිතක් පහළ වූ නිසා දිගටම නියපොතු වැවූ බවත් ඇය පවසන්නීය.
නියපොතු නඩත්තුවට ඇයට ඩොලර් දහස් ගණනින් වැය වන බවද සදහන්ය.
ඇය ඒවා වර්ණ ගන්වා, පබලූ වැනි දේ අලවා විචිත්‍ර ලෙස තබා ගන්නීය.
දිගු නියපොතු තිබුණේ යැයි කියා දෛනික වැඩකටයුතු වල යෙදීමට අපහසුතාවක් නැතැයි ඇය කියන්නීය.


COMMENTS
අත් දෙකේ විතරක් මදි , කකුල් දෙකෙත් වැව්වානම් තමයි හපනා කියන්නේ (නදී)
පින්තුර නැද්ද (දී)
අත් දෙකේ විතරක් මදි , කකුල් දෙකෙත් වැව්වානම් තමයි හපනා කියන්නේ (නදී)
පොටෝ නැතිව නිකන් පරිප්පු නැතිව පාන් කනව වගේ (දී)
ඡායාරූපය බැලූවිට දෛනික වැඩ වලට බාධාවක් නැහැ කියන කතාව පිළිගන්න නම් අමාරුයි නේද? (නි)
එයා තමන්ගේ පුද්ගලික වැඩකටයුතු කරගන්නේ කොහොමද? (නි)
මේ අක්කා සමිපාරක්ෂක කටයුතු කරන්නේ කොහොමද දන්නේ නැහැ (දී)
මම මේ කල්පනා කළේ තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නේ කොහොමද කියලයි (නි)
ඊයා.....කැතේ බැහැ (නදී)
කපල වීසිකරන්නේ නැතිව ..මල කරදරේ ..? මානසික ලෙඩ්ඩු, තව ටික කලකින් වැසිකිලි නොයා ඒකත් ගීනස් පොතට තල්ලු කරයි (නදී)
පිස්සු නේද අනේ ? (නදී)
වවන්නෝ දිනන්නෝ කියනවනේ! අනික මේකත් ඇමරිකාවෙන් නිසා අපේ ගොවි මහත්තුරුත් මේ වැවිල්ල පටන් ගත්තොත් තමයි නියම වැඩේ (නදී)
යක්ෂනියක්ද දන්නේ නැහැ (දී)