IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


“ට්‍රම්ප් අපේ ජනපති නොවේ“

ඇමෙරිකා නව ජනපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගත නොහැකි බව කියමින් ප්‍රාන්ත රැසක වැසියෝ විරෝධතා ආරම්භ කළහ.

නිව්යෝක්හී ට්‍රම්ප්ගේ නිවස ඉදිරිපිට සහ ඔහුගේ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට ද විරෝධතා පැවැත්වෙයි.මේ හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දැමීමට සිදු වූ බව පොලිසිය පවසයි. මේ වන තෙක් ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවු බවත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කියති.

“ට්‍රම්ප් මගේ ජනපති නොවේ“,“ට්‍රම්ප් එපා“,ඇමෙරිකාවට ජාතිවාදය එපා“ යන පාඨ අතැතිව ඔවුහූ පාගමන් යති.වෙඩි හුවමාරුවක් පිළිබඳ වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.

චිකාගෝ,කැලිෆොනියා,ලොස් ඇන්ජලිස්,සැන් ප්‍රැන්සිස්කෝ සහ ටෙක්සාස් යන ප්‍රදේශවල ද විරෝධතා පැවැත්වෙයි.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිසුහු සහ ගුරුවරු ද විරෝධතාවයට එක් වූහ.විරෝධතාකරුවෝ  ට්‍රම්ප් කුළුන ඉදිරිපිට ඇමෙරිකා ධජ වලට ගිනි තැබූහ.

Untitled-1

SDF

Untitled-3

1 2 03  5

(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී/ගෙටී ඉමේජස්)



අදහස් (0)

“ට්‍රම්ප් අපේ ජනපති නොවේ“

පෙරේරා Thursday, 10 November 2016 07:17 AM

ඕවා සරණාගතයන්ගේ වැඩ (නි)

:       0       0

අන්වර් Sunday, 13 November 2016 03:17 PM

හොඳ වැඩක් කරන්න පියවරක් ඉදිරියට තබද්දී බාධා නැත්තේ කොහේද? (නි)

:       0       0

අසෝකා Sunday, 13 November 2016 03:17 PM

මටත් හිතෙනවා මේකේ තියෙන අදහස් දැක්කම ජනාධිපති කෙනෙක් වෙලා කෝටිපතියෙක් වෙන්න තිබුන අවස්ථාව තව කෙනෙකුට මඟහැරුණ නිසා වෙන්න ඇති මේ අය මේතරම් උරණ වෙලා තියෙන්නේ. ඒ මනුස්සයට තව මොනවා හම්බ කරන්නද? එක අතකින් බැලුවම ලංකාවේ හැටියට ඒකත් හරි. (නි)

:       0       0

යටවත්ත Thursday, 10 November 2016 07:24 AM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

වරුණ Thursday, 10 November 2016 07:26 AM

ඒගොල්ලොත් හිලරි සුළග ගේන්න වගේ හදන්නේ.... (නි)

:       0       0

ගයාන් Thursday, 10 November 2016 07:27 AM

දැන් එහෙනම් හිලරි එක්ක නැගිටිමු නේද? (නි)

:       0       0

පේදුරු Thursday, 10 November 2016 08:40 PM

මේ සිසුන් ඇයි කෑ ගහන්නේ. මොවුන්ට ඡන්දෙවත් නැහැ. නිකන් බොරුවට කෑගහනවා. එළවන්න ඕනෑ තම තමන්ගේ රටවලට. හිතා ඉන්නේ ඇමෙරිකාව ඔවුන්ගේ රට කියලා. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 10 November 2016 07:26 AM

දැන් එහෙනම් මේවා අහලා ජනමතයට පයින් ගහන්නද කියන්නේ? (නි)

:       0       0

උපාලි Thursday, 10 November 2016 07:26 AM

එහෙත් 'බයියො' ඉන්නවනේ බලනකොට (නි)

:       0       0

සුරංග Thursday, 10 November 2016 07:37 AM

මේ රටේ භාෂාවෙන් කියනවා නම්, හරියට බැලුවොත් ඔය ඉන්නේ ටොයියෝ. එහෙ බයියා තමා දිනුම්

:       0       0

දිනේෂා Thursday, 10 November 2016 07:40 AM

උපාලිට වැරදිලා. බෙදුම්වාදයට කැමති අයයි අකමැති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවට

:       0       0

කමල් ලොස් ඇන්ජලිස් Thursday, 10 November 2016 07:40 AM

උපාලි මහත්මා, හිලරිගේ අනුගාමිකයෝ "බයියෝ" නොවේ. මගේ ඡන්දෙත් ට්‍රම්ප් මහත්මාට. (නි)

:       0       0

නාමල් Thursday, 10 November 2016 07:43 AM

අපේ ට්‍රම්ප් ජනපතිට ජයවේවා. බලන් ගියහම ලංකාවේ වගේ මීහරක් කොටසක්ඇ මෙරිකාවලත් ඉන්නවා. අය්යෝ හිලරි ( හිල- අරි ) ලැජ්ජාවේ බැරුව. (බ)

:       0       0

කුමාර Thursday, 10 November 2016 07:54 AM

කොහොමත් අලි දිනුම් (අ)

:       0       0

මතුනම Thursday, 10 November 2016 08:00 AM

මහින්දගේ බෙදුම් වාදී ජාතිවාදී සෙල්ලම ඇමරිකාවටත් බෝවෙලා .(අ)

:       0       0

රමින්ද Thursday, 10 November 2016 08:02 AM

බයියෝ නම් මෙහෙම කැහැගැවුවේ නැහැ. ඒත් ටොයියෝ පැරදුනොත් නම් මෙහෙම වෙයි (අ)

:       0       0

අකිල Thursday, 10 November 2016 08:05 AM

බයියෝ තමයි කවුරු හරි දින්නහම තමන්ගේ පරාජය පිළිගන්නේ නැතුව දැන් ඉතින් රට ඉවරයි කියල යකා නටන්නේ , මේ ඉන්නේ ඇමරිකාවේ බයියෝ (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 10 November 2016 08:04 AM

ට්‍රම්ප් එපානම් පලයල්ලා අමෙරිකාවෙන් එලියට. (අ)

:       0       0

බමුණුසිංහ Friday, 11 November 2016 01:35 AM

මම හිතුවේ මෙහෙම මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 11 November 2016 01:42 AM

අපරාදේ වියදම් කරලා ඡන්දයක් තිබ්බේ. මෙයාලගෙන් අහලා සුදුසු කෙනා තීරණය කරන්නයි තිබුනේ (නි)

:       0       0

නුවන් Thursday, 10 November 2016 08:12 AM

මේ අයත් එන්.ජි .ඔ කාරයන් ගේ ගැට වලට අහුවෙලා. ඇමරිකාවේ නියම සුදුස්සා තමා ට්‍රම්ප් ! (අ)

:       0       0

හිමාල් Friday, 11 November 2016 01:40 AM

එහෙනම් මෙයාලා කියන දේ අහමු නේද? (නි)

:       0       0

සුනිල් Friday, 11 November 2016 02:06 PM

ට්‍රම්ප් ගේ දිනුම පසුගාමී ඇමෙරිකන් ජාතිවාදයක පිබිදීමයි. නිදහස් අදහස් ඇති නවීන ප්‍රබුද්ධ ජනයා එයට අකමැති එනිසයි. ඔහු දිනුවට උදම් අනන අපේ සමහරුන්ට පස්සේ තේරෙයි. (අ)

:       0       0

රොෂේන්- රියාධ් Thursday, 10 November 2016 08:12 AM

ගැබිනියන්ට මස නවයක් දක්වා දරුවන් නැති කිරීමට නීතියෙන් අනුමැතිය ලබා දීම සහ ලෝකයටම තර්ජනයක් වී ඇති ජාතියක ජනයා වැඩි වැඩියෙන් අැමෙරිකවට ගැනිමේ පොරොන්දු පිට අරාබි රටවල් වලින් මුදල් ලබාගැනීම වැනි අසම්මත ප්‍රෝඩාවන් චෝදනාවන් රාශියක් ඔප්පු වීම සහ ඒවාට සෘජුවම සම්බන්ද වීම වැනි දේවල් නිසා තම හිලරි ක්ලින්ටන් පැරදුනේ. හිලරි අනිවාර්යෙන් පරදියු යුතු වෙනවා මේ ලෝකේ ජනතාවගේ සෙත සදහා. හිලරි ක්ලින්ටන් යනු දුෂිත චරිතයකි. (අ)

:       0       0

රොෂේන්- රියාධ් Thursday, 10 November 2016 08:13 AM

මේ උද්ඝෝෂණ කරන්නේ සරනාගත උදවිය කියල තමයි කියන්න වෙන්නේ (අ)

:       0       0

උපාලි Thursday, 10 November 2016 08:21 AM

අවුරුදු 10ක් තිස්සේ ම මේ පිටුවල සිටි මගේ නමින් තවත් අය එයාලගේ අදහස් දානවා. එය පාලනය කල නොහැකියි. මමත් කැමති ට්‍රම්ප් ට තමයි. ට්‍රම්ප් ගේ ජය පොඩි රටවල් වල ස්වාධින අයිතියට බාදකයක් නොවේවි. (අ)

:       0       0

තුසිත Thursday, 10 November 2016 08:26 AM

ට්‍රම්ප්ව එපා කියන්නේ අපිද ට්‍රම්ප්ව පත් කලේ ? එයා තමයි දැන් ජනපති . ඕක පිටි පස්සේ කවුද ඉන්නේ කියලා බැලුවනම් හොදයි (අ)

:       0       0

සන්දීපනී Thursday, 10 November 2016 08:25 AM

ඕව ටික දවසකින් හරියයි. ගිනිකඳු පිපිරුව ගමන් තමයි අමාරු. පස්සේ සීතලයි. දැන් ඉතින් ට්‍රම්ප්ට වැඩේ කර ගෙන යන්න දීල, හිලරිලා, ඔබාමල අයින් වුණොත් තමයි හොඳ (අ)

:       0       0

රොහාන් Thursday, 10 November 2016 08:27 AM

ඕව හෙළා දැකිය යුතු ලංකාවේ වගේ ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ආණ්ඩු පෙරලන්න හදන්න බැහැ (අ)

:       0       0

ශාන සෞදි Thursday, 10 November 2016 08:32 AM

ඇමරිකාව ද ශ්‍රිලංකාවේ ක්‍රමෝපයන් අනුගමනය කිරිමට පටන් අරන් දෙසාපලන ගැත්තෝ එහෙත් වීදි බැහැල (අ)

:       0       0

ශාන සෞදි Thursday, 10 November 2016 08:37 AM

මොන දේශපාලන පක්ෂය තරගයෙන් දිනුවත් රටේ කොඩිය ගිනිතියන්නේ නෑ. බලපුවාමේ ඇමරිකාවේ ඉන්නේ බයියෝ නෙවේ වැද්දෝ රටේ ජාතික කොඩියට ගරු කරන්න දන්නැති මීහරක් (අ)

:       0       0

අචලා Thursday, 10 November 2016 08:42 AM

මෙතන ලොකුම විහිළුව තමයි, ඇමරිකානු ධජය ගිනි තියලා, මෙක්සිකෝවේ ධජය පෙන්වගෙන පෙළපාලියන එක. ඒකෙන්ම පේනවා මේ මිනිස්සු කොයිතරම් දේශ ද්‍රෝහියෝද කියලා. ට්‍රම්ප් එක අතකින් ආපු එකේ පුදුමයකුත් නෑ. (අ)

:       0       0

සමන් Thursday, 10 November 2016 08:49 AM

ඒ රටේ නම් ජාතිකවාදය දිනුවා එහෙනම්. බෙදුම්වාදය පරාදයි. (අ)

:       0       0

ගාමිණි Thursday, 10 November 2016 08:48 AM

ලංකාවෙන් ඉගෙන ගෙන ලෝකෙ අයත් (අ)

:       0       0

එම්.ජී.ජේ Thursday, 10 November 2016 08:52 AM

එහෙත් ඉන්නවා මහේ වගේම් ව්‍යවස්ථාව පිලිගන්න අමාරු දෙමළ ටිකක් . ට්‍ර්න්ම්ප් මහතයෝ පරෙස්සන් වෙන්ඩ ඔවුන් ටිකගෙන් . අනිවර්යමෙන්ම් පළමුව වැඩේ දෙන්ඩ ඕනි ඒ අයට (අ)

:       0       0

අතුර Thursday, 10 November 2016 08:58 AM

දැන් හිලරි කොහෙන් හරි ප්‍රාන්ත මතිවරණයකට ඉල්ලයිද දන්නේ නැහැ.(අ)

:       0       0

මිනිපෙ Friday, 11 November 2016 04:37 PM

ට්‍රම්ප් කියන්නේ මිනිසුන්ට හා බදු නොගෙවා වංචා කළ කෙනෙක්. මෙයාලත් හොඳ ලංකාවේ පළාත් සභා වලට. සුදු හමට පමණක් සළකන කෙනෙක්. ලංකාවේ හා ලෝකයේ අනිත් රටවල ඡන්ද ක්‍රමයට අනුව ට්‍රම්ප් පරාදයි (නි)

:       0       0

මිනිපෙ Friday, 11 November 2016 04:39 PM

හැබයි ට්‍රම්ප් විරෝධියෝ පොල් නම් ගැහුවේ නැහැ (නි)

:       0       0

නාමල් Thursday, 10 November 2016 09:49 AM

බහුතර ජනමතය පිළිගැනීමට අකමැති ටිකක් දියුණුයි කියන අැමෙරිකවලත් ඉන්නවා එතකොට. ඇමරිකාවත් හරියට ලංකාව වගේමයි නේ. (අ)

:       0       0

වසන්ත Thursday, 10 November 2016 09:55 AM

හිලරි කොටි හිතවාදී . එය ආවනම් ලංකාවටත් බලපානවා. (අ)

:       0       0

අසංක Thursday, 10 November 2016 09:57 AM

අපේ බෙදුම්වාදයට කැමති බයියොත් අඩනවා හිලරි පැරදුනාට. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 13 November 2016 06:16 AM

ට්‍රම්ප් නුඹේ ජනාධිපති නොවේ නම් පලයල්ලා නුඹලා ආ රටවලටම. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 13 November 2016 06:19 AM

රොෂේන්- රියාද්, ඔබ කිවුවා හරියටම හරි. (නි)

:       0       0

සමන්ත Thursday, 10 November 2016 10:17 AM

අප්පුහාමි මහතා :ජනමතය හම්බවුනේ හිලරිට. කොට්ඨාස ක්‍රමය නිසා දින්නේ ට්‍රම්ප්. (බ)

:       0       0

හිමාල් Thursday, 10 November 2016 10:50 AM

දිනූ ඇමරිකාව අනතුරේ.හිලරි සමඟ නැගිටිමු. (බ)

:       0       0

බස්නායක Thursday, 10 November 2016 12:03 PM

ඇමරිකාවේ ඉන්න කොටි හිතවාදීන් (දෙමල කොටියෝ) හිතන් හිටියේ ලංකාවේ කොරා වගේ ඇමරිකාවෙත් උන්ට ඕන විදියට ජනාධිපති කෙනෙක් පත්කර ගන්න පුලුවන් වෙයි කියලා ලංකාවේ බඩ ගැන හිතන පුන්නක්කු බොන තණකොල කන කකුල්දෙකේ හරක් හිටියට, ඇමරිකවේ ඇමරිකන් ජාතිකයෝ බඩට කලින් රට කියන හැගීමෙන් කටයුතු කරන්නේ..(බ)

:       0       0

දිනුෂ Thursday, 10 November 2016 12:17 PM

මේ දේවල් ඔක්කොම කරන්නේ රට ඇතුළේ ඉන්න යුද්දෙ වවාගෙන කන පිරිස් තමා (බ)

:       0       0

සොපි Thursday, 10 November 2016 01:01 PM

මේ බොරුවට දඟලන්නේ බඩගෝස්තරවාදී , සුපිරි ජාතිවාදියන් තමයි . (අ)

:       0       0

හිමාල් Thursday, 10 November 2016 01:06 PM

බස්නායක , දුක තමයි රන්ජනී (බ)

:       0       0

වික්‍රමගේ Thursday, 10 November 2016 02:07 PM

එක තමයි දැන් ටොයියන්ට බයියෝ පැටලිලා! හැබැයි දන්නා හැටියට නම් ට්‍රම්ප් බයියන්ගේ ජනපති! (අ)

:       0       0

නිරේෂ් Saturday, 12 November 2016 04:44 AM

මෙහෙ ඉන්න අප්පච්චිගේ යාලුවොද දන්නේ නැහැ. (නි)

:       0       0

ශාන්ත සේනාධීර Thursday, 10 November 2016 02:10 PM

මෙතෙක් පැවතුනු පාලන ක්‍රමය අනුව දෙවන ලෝක යුධයෙන් පසු ලොව මිලියන 40 ක පමන පිරිසක් සරනාගතයන් බවට පත්වී ඇත.බොහෝ රටවල අස්ථාවර කිරීම පිණිස විවිධ සංවිධාන හරහා මුදල් දී( ඇ න් ජී ඕ) හරහා සිය අදහස් ඉටුකරවා ගන්න සමාජ ක්‍රමයකට අප නොදැනුවත්වම ඇද දමා ගෙන ඇත.පඹයන් වාගේ සිටි අය අපේම මිතුරන් සමහර විට හිටි හැටියේ කෙරුමන් බවට පත්වී රට යාමයට පටන් ගෙන අතමිට සරුවී ඉන්නවා දැකගත හැකිය.මේ ක්‍රමය වෙනස් කිරීම එතරම් පහසු දෙයක් නොවේ.බලගතු ආයතන පසුපසින් සිට උසි ගැන්වීමට පටන් ගෙන ඇත.ඔවුන් වෙනසක් සිදු වෙනවාට අකමැතිය .අපේ රටින් ද මෙයට උදාහරණ එමටය.විමසිල්ලෙන් බලන්න අපේ හෝ ඇමෙරිකාවේ කියාමෙවාට වෙනසක් නැත. දිනුෂ කියූ පරිදි මේ දේවල් ඔක්කොම කරන්නේ රට ඇතුළේ ඉන්න යුද්දෙ වවාගෙන කන පිරිස් තමා .සිසුන් අවුස්සා පාරට් ගැනීම ඔවුන් ගේ එක උපායක්.බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වෙනසක් ඇතිවෙයි ඉදිරියට.බොරුකාරයන් ගෙන් අම්බට්ටයන් ගෙන් අතකොලු රුකඩ තමයි ලොව නටවන්නේ.වෙනසක් හරිම ඇවැසියි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 184 0

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
2025 පෙබරවාරි මස 09 93 0

ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම


ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ
2025 පෙබරවාරි මස 09 1242 1

කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.


ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය
2025 පෙබරවාරි මස 09 59 0

ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනව


වසර 27 කට පසු දිල්ලිය මෝදිට
2025 පෙබරවාරි මස 09 966 0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගන


ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි
2025 පෙබරවාරි මස 09 1635 1

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 54 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 112 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 860 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site