රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙමින් තිබූ පුවත්පත් සාකච්ඡාවකට සහභාගීව සිටි ජපාන දේශපාලඥයෙක් තමන් ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇතැයිද එයට සමාව ඉල්ලා සිටින්නේයැයිද පවසමින් මහ හඩින් හ~d වැටුණේය.
පුවත්පත් සාකච්ඡාව කැදවා තිබී ඇත්තේද එම දේශපාලඥයා අයථා ලෙස ජනතා මුදල් පරිහරණය කර ඇතැයි ජපාන පුවත්පතක පළවී තිබූ වාර්තාවක් මුල් කරගෙනය.
රියාවුටාරෝ නකමුරා නම් වන මේ දේශපාලඥයා වියහිදම් ලෙස ලබා දී තිබූ යෙන් ලක්ෂ 5 හැරෙන්නට තවත් යෙන් ලක්ෂ 30 ක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සදහන්ව තිබුණි.
එම මුදල් ඔහු වියදම් කර ඇත්තේ විවිධ විනෝදාස්වාද කටයුතු සදහා බවද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණි.
වාර්තාවේ සදහන් කරුණු වලට පිළිතුරු බැදීමට පුවත්පත් සාකච්ඡාව කැදවා තිබුණද රියාවුටාරෝ එහිදී හ~d වැටෙමින් පුවත්පත් වාර්තාවේ කරුණු සත්‍ය යැයිද තමන් වැරදිකරු යැයිද පිළිගත්තේය.
ජපාන ජනතාව නම් රියාවුටාරෝගේ හැසිරීම ගැන වැඩි මනාපයක් දක්වා නැත.ප්‍රසිද්ධියේ තමන්ගේ ආවේගයන් හෙළි කිරීම දුර්වලයෙකුගේ ලක්ෂණයක් ලෙස ඔවුන් සැළකීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉදගෙන මේ රට නරකයි කියනව නෙමෙයි. නමුත් ජපානෙ වගෙ රටක ඒ වගේ ආචාරශීලි මිනිස්සු එක්ක ජීවත්වෙන්න ඇත්තටම පින් කරල තියෙන්න ඕනා. මං අවුරුදු දෙකක් හිටියා ඒ ටිකට මං අප්‍රමාණ දේවල් ඉගෙන ගත්තා. පුදුම සංවේදී සුහදශීලි මිනිස්සු කොටසක්. අනෙකාට ගරුකිරීම, වරදක් කිරීමට තියන බය වගෙ අපේ මිනිස්සුන්ට තව ශිෂ්ඨාචාර දෙක තුනකටවත් හැදෙන්න බැරි විදියට ඒ මිනිස්සු භෞතිකව හා අධ්‍යාත්මිකව දියුණු වෙලා. අපේ රටේ දේශපාලුවොයි ඒ අය පත්කර ගන්න මේ අපිම තමයි මේ රට විනාශ කරල තියෙන්නේ. ඒ මනුස්සය හොරෙක් උනත් අපේ අයට වඩා කොච්චර උසස්ද, නිහතමානිද. අප එයට ගරුකල යුතුයි. (නදී)
සුදෝ පොඩ්ඩක් හඩන්න හරිම ආසයි බලන්න. (නදී)
ජපන් යෙන් ලක්ෂ 5ක් කියන්නේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාසික වැටුප. එතරම් සුළු මුදලක් වංචා කලාටද මෙයා ඇඩුවේ. එහෙම බලනකොට අපේ අයට අඬන්න වෙන්නේ පොළොවේ පස් කාගෙන. (නදී)
මොහුගේ අවංක බාවය ගොඩාක් අගය කල යුතු දෙයක්. වැරදි හදා ගෙන හොඳ මිනිහෙක් වීමට ජපන් ජනතාව ඔහුට ආශිර්වාද කල යුතයි. එය හරියට බුදුන් අංගුලිමාලට පාර කියලා දුන්න වගේ වැඩක්. ඊට පළමු මොහු තවත් වැරදි වලට සම්බන්ධද? වැරදි වල බරපතල කම කොතෙක්ද? අනාගත විශ්වාසයක් තැබිය හැකිද? ආදී ගොඩාක් දේවල් සොයා බැලිය යුතුයි. (ස)
මහා පිස්සු මනුස්සයෙක් ඕවා හඬා වැටෙන්න ඕන ඒවාද? බලන්න අපේ රටේ ජනතාව මහ හඩින් හඬා වැටෙන්නේ අපේ දේශපාලකයෝ හොරකම් නොකරන හින්දා (නදී)
මේ වගේ අයව ඉවත් කරන්න ඕනේ. නැවත තියාගන්න හොඳ නැහැ (නදී)
ජපන් ජාතිකයෝ තාක්ෂණය අතින් කොපමණ දියුණු වුවත් ලැජ්ජාවට හරිම බයයි. හොරකමක්, බොරුවක් උනත් හිතට එකඟව කරන්නේ නැහැ. පිරිමි,කාන්තා දෙපාර්ශවයම බොහොම සංවේදියි. පොඩි දෙයකටත් කඳුළු සලයි. ජපන් යෙන් ලක්ෂ 30 ක් කියන්නේ ජපන් මන් කොළ 300 ක්. ඉතා සුළු ගණනක් ජපන් ජාතියෙකුට. ගණන සුළු උනත් හිතට එකඟව වරද පිළිගෙන හඬා වැළපීමෙන් පෙනී යන්නේ ඔහු තුල ඇති සංවේදී භාවයයි. ඒකට අපේ ඈයෝ හොඳ සිංහලෙන් දෙකක් කියයි අකුලාගෙන දුවන්න (නදී)
අනේ! අපි වගේමයි (නි)
අපිත් ඉතින් මෙහෙමනේ! (නි)
ලංකාවේ අයව ආභාෂයට අරගෙන වගෙයි. (නි)
ජපන් මිනිසුන් අවංකයි (නි)
දිලූ, ලබන ආත්මයේ ලංකාවේ නූපදින්නට ප්‍රාර්ථනා කරන්න. (නි)
දිලූ,ජපානය එහෙම නම්, අපිට වැරදිලා තියෙන්නේ මොකක්ද? (නි)
ජපානේ වැරදි කරන දේශපාලකයෝ අඬනවා. අපේ රටේ වැරදි කරන දේශපාලකයෝ දිහා බලාගෙන අපි අඬනවා උන් අපිට හිනාවෙනවා. ඔන්න ජපානෙයි අපෙයි වෙනස (නදී)
ජපාන දේශපාලනඥයා වරද පිලි ගනී කියලා තමයි මෙතන දාන්න ඕනේ. අපේ කට්ටිය හොරකම් කරන කෙරිල්ලට මේවා මොනවද. කවදාවත් වරද පිලි ගන්නේ නැහැනේ (නදී)
අපේ දේශපාලුවොත් මේ විදියට හැසිරුනොත් මුළු පාර්ලිමේන්තුවම එකම මල ගෙයක් වේවි. මොකද හැම එක්කෙනාටම අඩන්න වෙනවනේ. (නදී)
මෙහෙ දෙසපාලනඥයෙක් පසුගියදා ගුවන්විදුලි නාලිකාවකට ඇවිත් අසන්නන් අසන ප්‍රශ්න අහන්න දුන්නෙම නැහැ . නකමුරා මහතාට මෙහෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා (නදී)
ජපානයේ දියුණුවේ රහස සහ ලංකාවේ දුප්පත්කමේ පදනම දුෂිත දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයයි! (නි)
එතුමා ලංකාවට ආවා නම් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි (නි)
අපේ රටේ වගේමයි නේද? (නි)
අපේ රටේ එහෙම මේ වගේ දෙයක් වුණා නම්...? (නි)
අපේ කට්ටිය දිහා බලනකොට මෙතුමා කොච්චර හොඳ කෙනෙක්ද. (නදී)
ජපානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න නැහැ (නදී)
ඒ මිනිසුන් මොනතරම් අවංකද? (නි)