චීනයෙන් සහ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට තමන් සූදානම් යැයි පවසමින්, 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඒ සම්බන්ධයෙන් සාමාජික රටවල් අතරේ එකඟතාවක් ඇති කර ගැණින.
'නේටෝ' සංවිධානයේ මහ සමුළුව, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දින දෙකක් තිස්සේ පැවැත්විණි. නේටෝ සංවිධානයට ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් සහ තුර්කිය ද ඇතුළත්ය. නේටෝ සංවිධානය බිහිවූයේ ඇමෙරිකාවේ ද ප්‍රධානත්වයෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන අභියෝග සහ තර්ජනවලට එකමුතුව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්ය.
කෙසේ නමුත් අද වනවිට රුසියාව පමණක් නොව, චීනය ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තර්ජනයක් වී ඇත.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දින දෙකක් තිස්සේ පැවැත්වුණු නේටෝ සමුළුවේදී, චීනය සහ රුසියාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණු බව විදෙස් පුවත් සේවා පවසයි.
රුසියාවෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට, අභියෝගයකට මුහුණ දීමට හැකි බව නේටෝ සාමාජික රටවල් සියල්ල එකා මෙන් තීරණය කළේ සමුළුව අවසානයේදීය.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස නේටෝ සමුළුවට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතර ද සාකච්ඡාවක් පැවැත්විණි.
බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපතිධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඇමෙරිකාවේ අභ්‍යන්තර ගැටලුවලට මුල්තැන දුන් බැවින්, නේටෝව සමඟ සබඳතා කප්පාදු කළේය. එසේ කප්පාදුවට ලක් කර තිබුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට ජෝ බයිඩන් කටයුතු කළේය.
බ්‍රසල්ස් නුවරදීය (රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනයට රුසියාවට මුහුණ දෙන්න නේටෝ සූදානම්
Bandara Wednesday, 16 June 2021 01:39 PM
ප්‍රමාද වැඩියි.