IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් ආරක්ෂකයෝ නත්තල් සීයාට අඳිති

සෑම වසරකම දෙසැම්බර් මස 25 වැනිදා ඇමරිකා ගුවන්ආරක්ෂක මධ්‍යස්ථානයට සුවිශේෂි දිනයකි. ඇමරිකා ගුවන නිරීක්ෂණය කිරීමේ නිරතව සිටින එහි නිලධාරීන් එදිනට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරයි.

ඇමරිකා ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානය දෙසැම්බර් මස 25 වැනිදා දියත් කරන විශේෂ වැඩසටහනකට අනුව එහි වෙබ් අඩවියට පිවිසෙන්නකුට නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන අයුරු සිතියමකින් දැක බලා ගත හැකිය. මේ සිතියම සෑම පැයකට වරක්ම යාවත්කාලීන වීමයි.  නත්තල් සීයා වරක් බලන විට සිටියේ යුරෝපයේ නම් ඊළග වර බලන විට සිටින්නේ ආසියාවේ විය හැකිය.

සිතියම බලන අතර ඕනෑම අයකුට ඇමරිකා ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානය වෙත දුරකථන ඇමතුමක් දී නත්තල් සීයා තමන් වෙසෙන ස්ථානය වෙත පැමිණෙන වේලාව දැනගත හැකිය. තෑගි ලැබීමට සුදුස්සෙක් වීමට තමන් මේ වසරේ යහපත් පුද්ගලයෙක් ලෙස හැසිරුනාදැයි යන්නද දැනගත හැකිය. මධ්‍යස්ථානයේ සිටින නිලධරයෝ ඒ සියල්ලටම පිළිතුරු සැපයීමට සැදී පැහැදී සිටිති.

‘නොරාඩ් ට‍්‍රැක්ස් සැන්ටා‘ නම් මේ වැඩසටහනේ ආරම්භය 1955 වසරේය. ඇමරිකාවේ පිහිටි සෙල්ලම් භාණ්ඩ අලෙවිසළක ප‍්‍රදර්ශනය කර තිබූ දැන්වීමක නත්තල් සීයාගේ රූපයත්, ඊට යටින් දුරකථන අංකයකුත් සඳහන්ව තිබූ අතර දැන්වීමෙන් කියැවුනේ දුරකථන අංකයෙන් නත්තල් සීයා අමතා තමන්ට වුවමනා තෑගි වෙන්කර ගත හැකි බවයි.

දැන්වීමේ අරමුණ වී තිබුණේ දුරකථන ඇමතුමක් දී අලෙවි සැළෙන් සෙල්ලම් භාණ්ඩ වෙන්කර ගත හැකි බව පෙන්වා දීම නමුත් වැරදීමකින් එක් අංකයක් වෙනස්වීම නිසා අලෙවිහළේ දුරකථන අංකය වෙනුවට දැන්වීමේ සඳහන්ව තිබුණේ ඇමරිකා ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානයේ (නොරාඩ්) දුරකථන අංකයයි. එදින රැයේ නොරාඩ් පාලක මැදිරියේ සේවය නියුතුව සිටි නිලධාරීන්ට කුඩා දරුවන්ගෙන් නත්තල් සීයා ගැන විමසමින් පිට පිට දුරකථන ඇමතුම් ලැබුණු බව සඳහන්ය.

එම ඇමතුම් බැහැර නොකළ නිලධාරීහු දරුවන්ගේ ගැටළුවලට ඔවුන්ට හැකි පමණින් පිළිතුරු දුන්හ. මෙය විශේෂ මෙහෙයුමක් ලෙස සෑම වසරකම 25 වැනිදා කි‍්‍රයාත්මක කළ යුතුයැයි අදහස නොරාඩ්හි පාලනාධිකාරියට ඇතිව තිබෙන්නේ මේ සිදුවීමෙන් පසුවය.

එදා සිට දෙසැම්බර් මස 25 වැනිදාට නොරාඩ් පාලක මධ්‍යස්ථානය නත්තල් සීයාගේ මෙහෙයුම් මැදිරියට බවට පත්වේ. එදා මෙන්ම අදත් එකසේ කුඩා දරුවන් නත්තල් සීයා ගැන විමසමින් දුරකථන ඇමතුම් ලබා දේ. ඒවාට පිළිතුරු දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන සිවිල් වැසියන්ගේ කණ්ඩායමක්ද දැන් අලූතින් නත්තල් මෙහෙයුමට එක්ව සිටී.

නත්තල් සීයා කොහේ සිටින්නේදැයි දැනගැනීමට නොරාඩ් වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.

 



අදහස් (0)

ගුවන් ආරක්ෂකයෝ නත්තල් සීයාට අඳිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site