ගමන් බෑගයේ සැඟවී සොරකමේ යෙදෙන සොර මුලකින් පරෙස්සම් වන්න ස්පාඤ්ඤ පොලිසිය එරටට පැමිණෙන සංචාරකයින්ට අනතුරු අගවයි.
මෙම සොර මුල කි‍්‍රයාත්මක වන්නේ ජෝඩු ලෙස බව සදහන්ය.එක් සොරෙකු ගමන් බෑගයට රිංගන අතර අනෙකා එම බෑගය අන් මගීන්ගේ බෑග අතරට දමයි.
අනතුරුව ගමන අතරතුරදී බෑගයෙන් එළියට පැමිණෙන සොරා අන් මගීන්ගේ බෑග් වල ඇති ලැප්ටොප් පරිගණක,ආභරණ,ජංගම දුරකථන ආදී වටිනා කියන දේ සොරාගනී.අනතුරුව තමන් සිටි බෑගයට වැදෙන ඔහු ගමනාන්නතයේදී සියල්ලන්ටම පෙර එහි ගොස් සිටින මිතුරා බේරා ගනු ලබයි.
තම බෑගයන්ගේ තිබුණු වටිනා කියන දේ අතුරුදන්ව ඇතැයි මගීන්ගෙන් ලැබුණු පැමිණිලි තොගයකින් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇති පොලිසිය බෑගයක සැගවී සිටියදී අතටම හසුවූ සොරෙකු මාර්ගයෙන් මේ තොරතුරු අනාවරණය කරගැනීමට සමත්ව ඇත.
ඉදිරියේදී තම ගමන්මලූ පිළිබදව වඩා ප‍්‍රවේශම් සහගත වන්නැයි ස්පාඤ්ඤ පොලිසිය මගීන්ගෙන ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මොහම ජාවාරම් කරන්න විතරද මේ අයට මොලේ පෑදෙන්නේ.(නදී)
අපොයි අපොයි අපේ අයට මේ නිව්ස් එක දකින්න දෙන්න එපා. (ස)
මේ සිද්ධිය වෙන්නේ කොහෙදිද....? ගුවන් තොටුපලේදී නම් වෙන්න බැහැ මොකද බෑග් එකත්, අපිවත් චෙක් කරලනේ ඇතුල් කර ගන්නේ.., ඇත්තටම කොහෙදිද ආ .... (ස)
පින්තුරේ දැම්මට ස්තුතියි..!! මට හිතාගන්නවත් බැහැ.., මෙහෙම දේවල්, මගේ ඔලුවේ ගහල තිබුණු කොණ්ඩ කට්ට නිසා මාව කි පාරක් චෙක් කරාද..? මේකත් හැට හතරෙන් එකක්ද...?..., නැත්නම් පුදුම හතෙන් එකක්ද....? (ස)
කුරුමිට්ටේක් වද්ද... (ස)
අදහන්න අමාරු කතා තමයි දැන් අහන්න ලැබෙන්නේ (නි)
ලාල්, අපේ අයගේ බෑග් වලට රිංගලා එළවලු ටිකක් තමා ගන්න වෙන්නේ (නදී)
මෙය විහිළුවක් ලෙසට මම දකින්නේ ගුවන් තොටුපලේදී නම් වෙන්න කොහොමත් බැහැ ගුවන් යානයට යනකන් සහ පිට වෙනකන් කීදෙනෙක් අහුරනවද පටවනවද බානවද...? (දිල්)
ඒක තමයි සමන්ත, මාත් කිවුවේ. හිතාගන්නවත් පුළුවන් දෙයක්ද?අනේ මන්දා අනේ! (නි)
චන්දි,සමන්ත, අපේ රටේ වුණත් මෙහෙම දෙයක් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි අපි යන බස් වල නෙමෙයි පිටරට සංචාරකයො යන බස් වල. ඔයාලා නොදන්නවා වෙන්න බැහැ, ඒ බස් වල විශාල ගමන් මලු දාන්න වෙනම කොටසක් බස් එකේ යට කොටසෙ තියනවා කියලා. ඉතා දුර ගමන් යාම සඳහා භාවිතා කරන සුඛෝපභෝගී බොහෝමයක් බස් මේ ආකාරයෙන් ගමන් මළු දැමීම සඳහා කොටසක් සහිතවයි නිපදවා තිබෙන්නෙ (නි)
හොරකමටත් නව තාක්ෂණය. (ස)
රොෂාන් ඔයත් එක්ක මට තර්කයක් නැහැ මම නිතරම පිට රට යන ව්‍යාපාර කරන කෙනෙක්, දැනට ඉන්නෙත් දෝහා වල ඔයත් තර්කානුකුලව හිතන්න චන්දි වගේ. හිතන්න බැරිනම් පින්තුරයවත් බලන්න, (ස)
රොෂාන් ඔයත් එක්ක මට තර්කයක් නැහැ මම නිතරම පිට රට යන ව්‍යාපාර කරන කෙනෙක්, දැනට ඉන්නෙත් දෝහා වල ඔයත් තර්කානුකුලව හිතන්න චන්දි වගේ. හිතන්න බැරිනම් පින්තුරයවත් බලන්න.(ස)