තමිල්නාඩුව හරහා හමාගිය ගජ සුළි කුණාටුවෙන් 20ක් මියගොස් 80,000 අධික පිරිසක් අවතැන් වී ඇති බව තමිල්නාඩු රජය නිවේදනය කරයි.
මෙම දරුණු සුළි කුණාටුව සමඟ තමිල්නාඩු ප්‍රදේශයේ අධික වර්ෂාවක් ඇති විය. නාගපට්ටම් දිස්ත්‍රික්කට වැඩි බලපෑමක් ඇති වී ඇති අතර සන්නිවේදන කාර්යන්ට සහ යටිතල පහසුකම්වලට දැඩි හානියක් සිදු වී ඇත.
පීඩාවට පත්වූවන් වෙනුවෙන් මේ වන විට සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතී.
ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සහන අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 බැගින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට ලබාදෙන බවට තමිල්නාඩු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.
අවදානම් තත්ත්වය නිසා මිනිසුන් 80,000 ක් පහත් බිම් ප්‍රදේශයෙන් ඉවත්කර ඇති අතර අවතැන් වූවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 6ක සහන මධ්‍යස්ථාන 470ක් පිහිටුවා ඇත.
ධීවරයන්ට මුහුදු ගමන් වලින් ඈත්වී සිටින ලෙස අනතුරු අඟවා ඇත.


- 63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd