IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්ෂණික අහාර ගැන වෙළඳ දැන්වීම් තහනම්?

වයස පහත් පහළොවත් අතර ළමයින් ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ සිදුකරන ක්ෂණික අහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් තහනම් කිරීමට එංගලන්තය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දැන්වීම්කරුවන්ගේ නව නීති පද්ධතිය අනුව සීනි,මේද හා ලුණු නියමිත මට්ටමට වඩා ඉහළ අහාර හා බීම වර්ග වලට අදාළ වෙළඳ දැන්වීම් වලට මෙම තහනම නිකුත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වයස 16ට අඩු දරුවන් වැඩිපුර නරඹන සියලු අන්තර්ජාල මාධ්‍ය වලට මෙම තහනම පැනවිය යුතු බව එරට ප්‍රචාරණය පිළිබඳ කමිටුව කියයි.

මෙමගින් යුටියුබ් හා  පරිගණක හා අන්තර්ජාල ළමා ක්‍රීඩා වැඩසහන් ආශ්‍රිතව පළවන ක්ෂණික අහාර දැන්වීම් දරුවන්ගේ නෙත ගැටීම වැළකෙන බව එම කමිටුව කියයි.

එංගලන්තයේ තරබාරුකම ආශ්‍රිත ගැටළු නිරාකරණය කිරීමටත් දරුවන් අන්තරජාලයේ වැඩි කාලයක් ගත කරන නිසාත් මෙම තීරණය ගත් බව බලධාරීහු කියති.

මෙම නීති තරබාරුකම ආශ්‍රිත ගැටළුවට විසඳුමක් ලබා නොදෙනු ඇතැයි විචාරකයෝ පවසති.

ඔවුන් පවසන්නේ අන්තර්ජාලයට වඩා ළමයින් රූපවාහිනී වැඩසටහන් නරඹන බවයි.එමෙන්ම මෙම නීති වලින් එම මාධ්‍ය ආවරණය නොවන බව ද විචාරකයෝ පවසති.

වයස පහත් පහළොවත් අතර දරුවන් දිනකට පැය 15ක පමණ කාලයක් අන්තර්ජාලයේ ගත කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇති නිසා මෙම තීරණය ගත් බවද ප්‍රචාරණය පිළිබඳ කමිටුව පවසයි.එම කාලය රූපවාහිනිය නරඹන කාලයට වඩා වැඩි බවත් කියයි.

මෙම නීති 2017 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



අදහස් (0)

ක්ෂණික අහාර ගැන වෙළඳ දැන්වීම් තහනම්?

කුමාර Friday, 09 December 2016 03:59 AM

ලංකාවට ත් මේ විදිහේ නීතියක් අපට ගැලපෙන තාලෙට ගෙනවනම් හොද කරුණක්.(ම)

:       0       0

සමන්තිකා Saturday, 10 December 2016 01:49 AM

හොඳයි මේ කරපු දේ.(හේ)

:       0       0

ජයත් Saturday, 10 December 2016 01:48 AM

ඒ කරපු දේ හොඳ දෙයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site