IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘කිව්වා නාහන එකා උඩින් ගියත් බිමින් ගියත් එකයි‘

කියනා දෙය නාහා ගසක් උඩ නැගගෙන සිටි චීටා පැටවෙකුට දිවි මවගේ උදහසට ලක්වීමට සිදුවිය.

පහළට බසින ලෙස ඇය ගෙරවුම් කරමින් ඉල්ලා සිටියද පැටවා එ කිසිත් ගණනකට නොගත්තේය.

ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන ඇය මීටර 3 ක් පමණ ඉහළට පැන තම පැටවාට පහරක් එල්ල කළාය.සමබරතාවය ගිලිහුණු දිවි පැටවා දැන් ඉදිරි පා දෙකෙන් ගසේ එල්ලීගෙනය.

ඇය තවත් වරක් ඉහළට පැන පහරක් එල්ල කළාය.පැටවා බිමට ඇද වැටුණි.

බිමට වැටුණු පසු ඇය නැවත වරක් ගොරවමින් අවවාද කළාය.එවර නම් පැටවා තම මවට ඇහුම්කන් දෙන බවක් පෙනුණි.

දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ්ස් වනෝද්‍යානයේ දැකගත හැකිවූ මේ අපූරු දසුන ඡායාරූප ගත කරන්නට වන නිළධාරී ඩැනියෙල් ෂින්ච්හැම් කටයුතු කළේය.

මේ මවට තවත් පැටවෙක් සිටින බවත් පැටවුන් දෙදෙනාගේ මෙවන් නාඩගම් මේ දිනවල වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළම ආකර්ෂණයක් දිනාගෙන තිබෙන බවත් ඔහු පවසන්නේය.

24A99A0600000578-0-image-a-49_1421155262402 24A997DA00000578-0-image-m-31_1421154495533 24A997DE00000578-0-image-a-39_1421154629896 24A997E600000578-0-image-a-26_1421154448149 24A997EA00000578-0-image-m-47_1421155199908 24A9986E00000578-0-image-a-32_1421154500915 24A9997A00000578-0-image-a-33_1421154515074 24A9998D00000578-0-image-m-25_1421154443506



අදහස් (0)

‘කිව්වා නාහන එකා උඩින් ගියත් බිමින් ගියත් එකයි‘

පිටබැද්දර ජයා Friday, 16 January 2015 02:55 AM

මෙන්න මේ විදියටම අපේ රටේ දේශපාලකයන්ටත් දෙන්න තියෙන්නේ, නැවත හොරකම් නොකරන්න (නි)

:       0       0

සජිත් කුලතුංග Monday, 19 January 2015 01:38 AM

අම්මට තියෙන්නේ කෝට්ටක් කඩලා හොදට තලන්න පොඩි එකාට. කියන දේ අහන්නේ නැත්නම් (නදී)

:       0       0

සුනිල් Thursday, 15 January 2015 10:36 AM

අම්මලාට ඕනෑ ළමයි වහල්ලු වගේ ඉන්න වෙන්න ඇති (නි)

:       0       0

ඩිලාන් Monday, 19 January 2015 03:46 AM

ඔක්කොටම වැඩිය ලස්සන අනිත් පැටියා බිමට වෙලා බලාගෙන ඉන්න හැටි. (නි)

:       0       0

දමිත් Monday, 19 January 2015 04:55 AM

වටිනා ෆොටෝ ටිකක්. සොබා දහමට ආදරය කරන මිනිස්සුන්ට තවත් ආදරේ කරන්න හිතෙන දෙයක් (නදී)

:       0       0

සමන්ති Friday, 16 January 2015 04:36 AM

සත්ත්ව ලෝකයේ කොයිතරම් අපුරු දේවල් සිද්ධ වෙනවද?මේ කතාව ලියා තිබෙන විදිය හරිම ලස්සනයි. (නි)

:       0       0

ලක්මිණි Monday, 19 January 2015 06:20 AM

මේ වගේ පින්තූර ටිකක් බලන්න ලැබෙන එකත් දුර්ලබයි.(හේ)

:       0       0

රොෂාන් Tuesday, 20 January 2015 01:36 AM

මේ මොන චිටෙක්ද මේ දිවියෙක්නේ (නදී)

:       0       0

රජීව් Thursday, 15 January 2015 11:31 AM

හරිම ලස්සනයි. ස්තුතියි ලංකාදීප (නදී)

:       0       0

අමර් Thursday, 15 January 2015 06:01 PM

මට පෙනෙන්නේ මේ කොටි අම්මා හැමවෙලේම දරුවාට ගහනවද කොහෙද? අපිත් ඉතින් ඉදිරියේදී .......... හිතලා බලන්න ඕනෑ පොඩ්ඩක් (නි)

:       0       0

නාමල් Thursday, 15 January 2015 07:25 AM

මේකා චීට නෙවේ දිවියෙක්.(හේ)

:       0       0

සරත් Friday, 16 January 2015 07:15 AM

මේ දිවියෙක් නෙමෙයිද ? (නදී)

:       0       0

මංගල දිසානායක Sunday, 18 January 2015 12:15 PM

බහින්න බැරුව හිටියද දන්නේ නැහැ (නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 15 January 2015 08:03 PM

නාමල් හරි ගුණසේකර හරි සත්තු ගැන දැනගන්නකෝ කලින්. මේ සත්තු චිටල නොවේ දිවියන් දෙදෙනෙක් මොනවද අනේ ඔයා. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 19 January 2015 09:35 AM

හොඳ වැඩේ දෙන්න ඕනේ පස්ස රත් වෙන්න. (බ)

:       0       0

රූපවතී Thursday, 15 January 2015 07:38 AM

තිරිසනා උනත් දන්නවා වරදට දඩුවම් කලාම ඌව හදාගන්න පුළුවන් කියලා. එත් කරුමෙක මහත මිනිසුන්ට මෙය නොතේරෙන එකයි. ස්වභාවධර්මය කොතරම් ලස්සන දේ කියා දෙනවද ? (නදී)

:       0       0

දමිත Tuesday, 20 January 2015 04:28 AM

පොඩි කාලෙදිම හදා ගත්තේ නැත්තං ලොකු වුනාම සමාජෙට කරදරයක් වෙනවා, වර්තමානයේ සමහර දේශපාලකයින්ගේ නරුම පුතාලා වගේ (බ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 16 January 2015 12:14 AM

හොඳ වැඩේ කියන දේ අහන්නේ නැතුවට. ස්තුතියි ලංකාදීප. (නදී)

:       0       0

ජීවා Sunday, 18 January 2015 07:51 PM

කියන දේ අහන්නේ නැති ළමයින්ට පස්ස පැත්තට දෙකක් දෙන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 106 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 233 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 172 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3293 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site