කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලා සංවිධානය අතර අත්සන් කළ සාම ගිවිසුම අවශ්‍ය ද නැතිද යන්න තීරණය කිරීමට පැවති ජන මත විචාරණයෙන් එය ප්‍රතික්ෂේප විය. එරට ජනපති හුවාන් මැනුවෙල් සන්ටෝස් ෆාර්ක් සංවිධානයේ නායකයා සමග එම ගිවිසුම අත්සන් කළ නමුත් එය බලාත්මක වීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව යෝජනා විය.
ප්‍රකාෂිත ඡන්ද වලින් සියයට 50.24ක් ගිවිසුමට විරුද්ධව ප්‍රකාශ කර තිබේ. ප්‍රතිඵලය පිළිගන්නා නමුත් සාමය රැකගැනීමට දරන ප්‍රයත්නය අත් නොහරින බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.
සුළු ප්‍රතිශතයකින් වෙනස් වු ප්‍රතිඵලයෙන් සමහරු පුදුමයට පත් වූ බවත් සමහරු දුකට පත් වු බවත් වාර්තා වෙයි.කොලොම්බියාවේ යුද්ධය ලොකයේ දීර්ඝතම යුද්ධ වලින් එකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඊනියා සටන්කාමින් පහුගිය අවුරුදු 50 තුළම කළ කී දේවල් ජනතාව දන්නවා. කී වතාවක් මේ වගේ ජනාධිපතිවරු රැවට්ටුවද කියලා ඔවුන් හිතන්න ඇති. මේ ප්‍රතිපලය සමහරවිට එ්කනිසා වෙන්න ඇති (නි)