එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්තයන් 20 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම සෝමාලියාවේ ත්‍රස්තවාදී පුහුණු කදවුරක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
එක්සත් ජනපද හමුදා විසින් සෝමාලියාවේදී අන්තවාදීන් 35 දෙනෙකු ඝාතනය කර දිනට පසු දින මෙම ප්‍රහාරය එල්ල කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව අල්-ෂබාබ් ත්‍රස්තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ අතර මේ වන විට ත්‍රස්තයන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ගුවන් ප්‍රහාර ඉහළ ගොස් ඇත.
63226

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.