IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරානය දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල ගණන අඩු කිරීමට යයි

වියානාහිදීය (රොයිටර්ස්)

ලබන වසරේ සිට දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව අඩු කිරීමට ඉරානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. 

ඉරානයේ ප්‍රතිවාදියා වන සෞදි අරාබිය සමඟ ඇති කරගන්නා ලද එකඟතාවයකට අනුව ඉරානය එලෙස තෙල් නිෂ්පාදනය සීමා කිරීමට එකඟතාව පළ කර තිබේ.

මේ අනුව ඉරානයේ එකඟතාව ඇතිව තෙල් අපනයනය කරන රටවල සංවිධානයට (ඔපෙක්) ලබන වසරේ සිට දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව මිලියන 0.8කින් අඩු කරනු ඇත. 

මීට පෙර තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගැනීමේදී ප්‍රධාන බාධාව එල්ල වූයේ ඉරානයෙනි. කෙසේ නමුත් දැන් එවැනි අවහිරයක් නොමැති බැවින් රුසියාව ප්‍රමුඛ ඔපෙක් සංවිධානයේ නොවන රටවල් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ද තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 

නිෂ්පාදනය අඩු කිරීමත් සැපයුම් අඩු කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් මිල ගණන් ඉහළ යනු ඇතැයි ද පැවසේ.  

ඔපෙක් සංවිධානය රුසියාව ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් නොවන රටවලින් ද තෙල් නිෂ්පාදනය සීමා කරන්නැයි ඉල්ලා සිටිනු ඇතැයි ද වාර්තා වේ. මේ අනුව ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් නොවන රටවලින් දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල සංඛ්‍යාව මිලියන 0.4කින් සීමා කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වනු ඇතැයි පැවසේ. 

ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් මේ දිනවල ඔස්ට්‍රේයාවේ වියානාහිදී තෙල් කර්මාන්තය පිළිබඳව සාකච්ඡා පවත්වන අතර රුසියාව ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජික නොවන තෙල් අපනයනය කරන රටවල් ද එම සාකච්ඡාවලට එක්ව සිටිති. 

තෙල් සැපයුම අඩු නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියෙන් ඉල්ලා ඇති හෙයින්, සෞදි අරාබිය දැඩි පීඩනයකට මුහුණ දී සිටි. ගෝලීය ආර්ථිකයට සහයෝගය දැක්වීම උදෙසා එසේ කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියෙන් ඉල්ලා ඇත.  

ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය හා සැපයුම අඩු කළහොත් තෙල් මිල ගණන් ඉහළ යන අතර එය ඉරානයට දක්වන සහයෝගයක් ද වනු ඇත.  

055



අදහස් (0)

ඉරානය දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල ගණන අඩු කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site