IMG-LOGO

ඉරාක අගමැති ඉල්ලා අස්වන බව කියයි

සති කිහිපයක් පුරා පැවැත්වුණු විරෝධතා වලින් පසුව ඉරාක අගමැකි අඩෙල් අබ්දුල් මහීද් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇත.
 
නව රජයක් තෝරා ගැනීමට නීති සම්පාදකයින්ට ඉඩ දීම සඳහා තමාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අගමැතිවරයා පවසයි.
 
ඉරාකයේ ඉහළම ශියා මුස්ලිම් පූජකවරයා වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල් සිස්තානි විසින් නායකත්වය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස අගමැතිවරයා මෙම තීරණයට එළඹි බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
 
අස්වන දිනයක් සම්බන්ධව නිවේදනයේ සඳහන් කර නොමැති අතර ඉරාක පාර්ලිමේන්තුව ඉරිදා (01) රැස්වීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
 
විරෝධතාවයේ යෙදුන පුද්ගලයින්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් සාමකාමී පෙළපාලිකරුවන් 400ක් පමණ ඝාතනය කර ඇති අතර ඉරාකය පුරා දරුණු ලෙස ප්‍රචණ්ඩත්වය උත්සන්න වී තිබේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඉරාක අගමැති ඉල්ලා අස්වන බව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site