IMG-LOGO

ඉන්දියාවට අලුත් දේවතාවියක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’  යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක 'වැඩ සිටින' බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම පවා ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම කොරෝනා දේවතාවිය, 'වැඩ සිටින්නේ' ඇත්තේ තමිල්නාඩුවේ කොයිම්බටෝර් නුවර, කමට්චිපූරි අධිනාම් හින්දු කෝවිලේ යැයි රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන බව වාර්තා වේ.

ඒ අතර තමිල්නාඩු ප්‍රාන්තය ද ඇති අතර, ප්‍රාන්ත රජය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබේ.

කෝවිලේ පූජකයන්, ‘කොරෝනා දේවි’ නමින් නම් කළ නව දේවතාවියගේ පිළිම දෙකක් කොයිම්බටෝර් හින්දු කෝවිලේ ඇත.

සංචරණ තහංචිවලට පිටුපාමින්, තමන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් සහ කන්නලව් කරමින්, කොයිම්බටෝර් වැසියන් ‘කොරෝනා දේවි’ ඉදිරියට පැමිණෙන බවත්, පූජා වට්ටි සඳහාත්, පඩුරු වශයෙනුත් මුදල් කෝවිලේ පූජකයන්ට මුදල් ලබා දෙන බවත් වාර්තා වේ.

කමට්චිපූරි අධිනාම් කෝවිලට පෙළ ගැසෙන ජනතාවගේ විශ්වාසය, කොරෝනා වසංගතය පාලනය කිරීමට ‘කොරෝනා දේවි’ කටයුතු කරනු ඇති බවය.

චෙන්නායිහිදීය (රොයිටර්)



අදහස් (4)

ඉන්දියාවට අලුත් දේවතාවියක්

ganegoda Saturday, 29 May 2021 01:25 PM

කොරෝනා දෙවියා ඉන්දියාවට වැඩමවීම සත්‍යයක්...!!! ඒකනේ ඉන්දියාව කොරෝනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ...

:       0       1

damith Saturday, 29 May 2021 03:36 PM

ඇයි අපේ උම්මාදේවී... !!! 

:       0       0

චින්තක Sunday, 30 May 2021 12:21 AM

මම ගිහින් නැතත් අහලා තියෙනවා... මහත්මා ගාන්ධි පුරුදුකළ මාර්ගවල මළපහ කිරීම දැනටත් ඉන්දියාවේ තදින්ම පවතිනවා කියලා. මෙයින් වෙන්නේ පරිසරය දැඩි සේ අපවිත්‍ර වීමයි. පරිසරය අපවිත්‍ර වනවිට විවිධ ලෙඩ රෝග බෝ වෙනවා. යම්දිනක ඔවුන් කරන මාර්ග අවට අපවිත්‍ර කිරීම නවතා වැසිකිළි පාවිච්චියට ගත්තත් රෝග බෝවීම වළක්වා ගතහැකි වේවි...!!!

:       0       0

dewale kapuwa Sunday, 30 May 2021 05:19 AM

ආ... මේ කාලේ සල්ලි ටිකක් ගරාගන්න කියපු අදහස... මමත් පටන් ගන්නවා ‘‘කොරෝනා දෙවි සුව සේවාවක්...‘‘ කට්ටියම පෝල්ම්වල ඉන්න හොඳේ.. පැණි වගේ නෙමේ අද්දුටුයි.. ප්‍රත්‍යක්ෂයයි... බුලත් 21යි.. පඬුරු රුපියල් 5000යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site