IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් යේමන අල් කයිඩාවේ 6 ක් මරුට


ඇමෙරිකා හමුදා යේමන ආරක්ෂක අංශ සමඟ එක් වී, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් අල් කයිඩා සටන්කාමීහු 6 දෙනෙක් ඊයේ (24) ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ කි‍්‍රයාත්මක වන්නේ උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීන්ය. ඔවුන් ප‍්‍රධාන අල් කයිඩාවේ ශාඛාවක් නමුත් ප‍්‍රධාන අල් කයිඩාව සේම බලවත්ය.
පසුගියදා ඇල්ජීරියාවේ බලශක්ති බලාගාරයට පහර දී, එහි සිටි සේවකයන් ප‍්‍රාණ ඇපයට ගත්තේත් මාලි රාජ්‍යයේ ප‍්‍රදේශ රැසක් අත්පත් කරගෙන සිටින්නේත් උතුරු අපි‍්‍රකානු අල් කයිඩා සටන්කාමීන්ය.
එම සටන්කාමීන් යේමන රජයට හිසරදයක් වූයේ 2011 වසරේ සිටය. මේ වනවිට උතුරුදිග යේමනයේ පළාත් රැසක් අල්ලාගෙන සිටින ඔවුහු නිරන්තරයෙන් රජයේ හමුදා සමඟ ගැටෙති.
සටන්කාමීන් සමඟ සටන් කිරීමට ඇමෙරිකා හමුදා නිලධාරීන් අතළොස්සක් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් යේමනයට පැමිණ යේමන රජය සහ එරට හමුදාවට සහාය දෙන බව වාර්තා වේ.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකා හමුදාව අල්කයිඩා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඉකුත් ඉරිදා සිට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරයි. ඊයේ දිනය වනවිට සටන්කාමීන් 20 දෙනකු ප‍්‍රහාරවලින් මියගොස් සිටි බව විදෙස් පුවත් සේවා පවසයි.
ඊයේ එම ප‍්‍රහාරය සිදුවූයේ සානා නුවරට නුදුරිනි. සටන්කාමීන් කැබ් රියක නැගී ගමන් කරමින් සිටිද්දී ඩ්‍රෝන යානයේ මිසයිල ප‍්‍රහාරයට හසුවිය.
තම සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප‍්‍රහාරවලට විරෝධය පළ කරමින්, අල් කයිඩාව පවසා ඇත්තේ යේමනයේ සිටින ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට  සූදානම් බවය. අල් කයිඩාව ඒ බව කියා සිටියේ මේ වසර මුලදීය. යේමනයේ ඇමෙරිකා තානාපති ජෙරල්ඞ් ෆියෙස්ටීන් මරා දමන අයකුට ඩොලර් 1,60,000 ක් ද  සාමාන්‍ය ඇමෙරිකානු සෙබළකු මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් 23,000 ක මුදලක් ද පිරිනැමීමට අල් කයිඩාව සූදානම් වෙයි.



අදහස් (0)

ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් යේමන අල් කයිඩාවේ 6 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site