රාග, ද්වේෂ, මෝහ යන ‘සං’ ‘සාර’ කොට ගැනීම නිසා අපි ‘සංසාරයේ’ ගමන් කරන බව ඔබට දැන් වැටහෙන්නට ඇති. ‘සං’වලින් මත් වීම ‘සමත්’ යන්නයි. විභාගයකින් සමත් වුණත් තරගයකින් දිනුවත් සටනකින් දිනුවත් ඒ වනාහි රාග, ද්වේෂ, මෝහයෙන් මත් වීමයි. මේ ‘සං’ ‘විසං’ කරමින් සසරින් එතෙර වන්නේ කෙසේද? අද තව කොටසක් කියවමු.
කෙනෙකු තුළ මමත්වය හට ගන්නේ රාග, ද්වේෂ, මෝහ කාරණ නිසයි. මේ කාරණා තුන මුලින් උගුලුවා දැමූවෙකුට මමත්වයක් ඉතිරි වෙන්නෙ නෑ.
දැන් ගම්වල මිනිස්සු මැරෙනවා කියනවා. අද පියදාස මරණයට පත්වුණා කියනවා. හෙට කරුණාවතී මරණයට පත් වුණා කියනවා. තව දවසක තව කෙනෙක් මරණයට ගිය බව කියනවා. හොඳට මතක තියා ගන්න පෘථග්ජනයන්ට මරණ දෙකයි. එකක් ‘රූප මරණය’. අනික ‘මම’ මරණය. අපි නිතර අහන ගම්වල අයගෙ මරණ තමයි රූප මරණය. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය මිය යාම. එය ‘මගේ මරණය’ කියා හඳුන්වනවා.
රූප මරණයක් සිද්ධ වුණාට මිය ගිය කෙනා තුළ ‘මම’ මරණයට පත්වෙලා නෑ. ඇයි ඔහු රාග, ද්වේෂ, මෝහ උගුල්ලපු කෙනෙක් නෙවෙයි. දැන් සමහරු කියනවා බය වෙන්න එපා මැරුණත් මේ ඉඩමෙන් යන්නෙ නෑ. මැරුණත් උඹල මගෙන් බේරෙන්න නෙවෙයි කියලා.
ඒක වැරදි කතාවක් නෙවෙයි. ධර්මය අතින් නිවැරදියි. මොකද සිදු වෙන්නෙ රූප මරණයක්. ඔහු මරණයට පත් වුණත් රාග, ද්වේෂ, මෝහ ඔහු සමග යන යන තැනට යනවා.
බුදුරජාණන් වහන්සේ ‘මම’ ‘මරණයට’ පත් කරන ඖෂධය සොයා ගත්තා. කුමක්ද ඒ ඖෂධය? බඹයක් පමණ වන ශරීරය පිළිබඳ ගවේෂණය කරනවා. උන්වහන්සේ අවබෝධ කර ගන්නවා බඹයක් වන මේ ශරීරය තුළ තමයි ඇවිළීම, පිච්චීම, දැවීම තියෙන්නෙ කියලා. ඒ වගේම නිවීමත් ඒ බඹයක් වන ශරීරයේම තියෙනවා කියලා. දේදාවිතක්ක සුත්‍රයේ පැහැදිලි කරන කතාව තමයි මේ. බුදුරජාණන් වහන්සේ මාරයාට අයිති පැත්ත ‘මර’ සොයා ගත්තා. මාරයාට අයිති නැති පැත්ත ‘අමර’ සොයා ගත්තා.
රාග, ද්වේෂ, මෝහ නමැති ‘සං’ හැමවිටම විඥානයට ආහාර සපයනවා. ඒ නිසා විඥානයට ආහාර දීම බුදුන් වහන්සේ ‘වරණය’ කළා. ‘සංවර’ කියන්නේ මේකයි. විඥානයට ආහාර දීම සිඳ දැමුවා. ‘සන්සිඳවීම’ යනු මේකයි. අද සියලු භාවිතයන් මාරයාගේ වචන වෙලා. කිසිම සංවරයක් නැති පෘථග්ජනයන්ට සංවරයි කියනවා. ශාන්ත (සං අන්ත කිරීම) භාවිත කරන්නේත් මාර ලෝකයේ අයට. ඒ තමයි මාර චක්‍රයේ හැටි.
“එත්තේ සං උප්පජ්ජමාන උප්පජ්ජති පහිය මානා පහීයති”
එනම් ඒ ඒ මොහොතේම ‘සං’ උපදින උපදින මොහොතේම ප්‍රහාරණය කළ යුතුයි කියන එකයි.
උපදින වෙලාවේ ‘සං’ ප්‍රහාරණය කළාම විඥානයට කෝ ආහාර. විඥානයට ආහාර නැති වෙද්දී ‘මම’ නැතිවෙනවා. ‘සං’ නැති වෙනවා. එවිට ‘විසං’ ඇති වෙලා.
වීත රාගී, වීත ද්වේෂී, වීත මෝහී කියන්නේ ‘විසං’ වල ස්වභාවයයි.
යම් ගසක පොත්ත ගලවන්න ගලවන්න ලියලනවා. ඒ කියන්නේ ගසේ වැඩීමක් තියෙනවා කියන එකයි. රාග පොත්ත, ද්වේෂ පොත්ත, මෝහ පොත්ත මුලින්ම ගලවා දැමුවොත් සියලු ප්‍රශ්න ඉවරයි.
එවිට මම යැයි මගේ යැයි ගන්න දෙයක් නෑ.
ප්‍රඥාව කියන්නේ ප්‍රකෘති තත්ත්වයටයි. ප්‍රඥාව යනු ස්වභාවයයි. ප්‍රඥාව යනු වීත රාග, චීත ද්වේෂි, වීත මෝහී යන ‘විසං’ කරුණය. එය කිසි විටෙකත් අස්භාවය නොවෙයි. එය ස්වභාවයයි. නමුත් අද මාර චක්‍රයේ මිනිස්සු ප්‍රඥාව දකින්නේ අස්වභාවයක් ලෙසයි. විකෘති ඥානයක් ලෙසටය.
ධර්මයට අනුව ස්වභාවය ප්‍රඥාව නම් අස්වභාවය කියන්නේ කුමක්ද? හොඳට තේරුම් ගන්න. ඔබට තරමක් ගැඹුරුයි. අස්වාභාවය කියන්නේ ‘සං’ (රාග, ද්වේශ, මෝහ) වලට ආහාර සපයන විඥානයටයි. එය විකෘති ඥානයක්. ඔහු නිසයි මමත්වය මරණයට පත් කරන්න නොහැකි වී තියෙන්නෙ. එහෙනං ‘සං’ (රාග, ද්වේෂ, මෝහ) යනු අස්වාභාවයයි. ‘විසං’ (වීත රාග, වීත ද්වේෂ, වීත මෝහ) ස්වභාවයයි.
සතර අපාය, මනුෂ්‍ය භවය, දිව්‍යලෝක, බ්‍රහ්මලෝක යන තල 31 තුළම තියෙන්නේ ‘සං’. එනම් විඥානය ආහාර සපයන තැන්. විඥානයට ආහාර සැපයීම අවසන් වුණාම ‘මම’ කියලා කෙනෙක් මේ කිසිම තලයක උපදින්නේ නෑ. නිවීමට පත් වුණා. සාරයි කියන මේ ලෝකයේ උපදින්නේ නෑ.
ප්‍රකෘති තත්ත්වය තුළ හෙවත් ස්වභාවය තුළ ප්‍රඥාව තුළ ‘මම’ යැයි මගේ යැයි ගැනීමට දේකුත් නෑ. ගන්නට කෙනෙකුත් නෑ. මේකනෙ ස්වභාවිකත්වය. ඒකට කියනවා බුද්ධ කියලා. එනම් භවය උදුරා දැමූ කියන අදහස. මොනවද උදුරා දැම්මේ? රාග භව, ද්වේෂ භව සහ මෝහ භවයයි.
බෞද්ධයා කියන්නේත් ‘භවය’ ‘උද්ධ’ (උදුරා දමන) අයටයි. ඒත් අද බෞද්ධයන් බොහෝ දෙනෙක් ‘භවය’ ‘උද්ධ’ කරන කටයුත්තට ඇවිත් නෑ. භවය උදුරා දමනවා වෙනුවට භවය වවා ගන්නවා. මේ නිසා පළමුව බෞද්ධයා එහි අර්ථය පිළිපන්නෙක් වෙන්නට ඕනෙ. ‘භවය’ ‘උද්ධ’ කිරීමට මොන තරම් දේවල් කළ යුතු ද? ඒවා කවරක් ද? යන්න ඔවුන් දන්නේ නෑ.
අද ‘සංඝ’ යනුවෙන් භික්ෂූන් වහන්සේ අර්ථ ගන්වනවා. ඇයි මේ සංඝ කියන්නේ. ත්‍රිවිධ රත්නයට අයිති නිසා ද?
‘සං’ ගසා දමන්නා ‘සංඝයි’. එනම් රාග, ද්වේෂ, මෝහ ගසා දමන කෙනාටයි. සියල්ලන් ගමන් කළ යුතු වන්නේ එතැනටයි.
(මතු සම්බන්ධයි)
සටහන - අසංක ආටිගල
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සසරින් එතෙර වෙන්න කළ යුතු දේ