IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හම්බන්තොට වරාය චීනෙට දෙන අලුත් ගිවිසුම අනිද්දා කැබිනට්ටුවට

 

(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමේ ගිවිසුම අනිද්දා (21) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගිවිසුම ඉකුත්දා පැවැති රජයේ ආර්ථික කළමනාකරණ කමිටුවට ද ඉදිරිපත් කර ඇති අතර එය අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වූ බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.


හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමට කලින් තීරණය කර තිබූ ගිවිසුමේ කොන්දේසි ගණනාවක් සංශෝධනය කරමින් මෙම ගිවිසුම සකස් කර ඇතැයි ද වාර්තා වේ.


වරාය පනතට අනුව ශ්‍රී ලංකාවේ වරායක් ඍජුව පිටරට සමාගමකට පැවරිය නොහැකි බැවින් චයිනා මර්චන්ට් සමාගම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවා එම සමාගමට හම්බන්තොට වරායෙ කොටස්වලින් සියයට 80ක් පැවැරීමට ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.


වරායට යොදවන ආරක්ෂකයින් ශ්‍රී ලාංකිකයින් විය යුතු බවට හා වරාය සමග පැවරෙන හෙක්ටයාර් 500ක ඉඩම් සඳහා රුපියල් මිලියන 12,000ක මිලක් නියම කළ යුතු බවට ද ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි වාර්තා වේ.


හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.


වරායේ කොටස්වලින් සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමට පැවරෙන අතර ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනේ. වරාය ගිවිසුම පිළිබඳව වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණ මේ සති අන්තයේදී ලබාදීමට නියමිත බව වාර්තා වේ. 

 



අදහස් (0)

හම්බන්තොට වරාය චීනෙට දෙන අලුත් ගිවිසුම අනිද්දා කැබිනට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site