(අජන්ත කුමාර අගලකඩ)
ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව සහල් ආනයනය කිරීමට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතුව ඇති හිඟ ණය මුදල රුපියල් කෝටි 526 ක් පමණ වන බව මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.
ලංකා සතොස ආයතනය ලංකා බැංකුවට රුපියල් කෝටි 161 ක පමණ මුදලක් ද සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මහජන බැංකුවට රුපියල් කෝටි 365 ක පමණ මුදලක් ද හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
මෙම ආයතන දෙක 2017 වසරේදී සහල් ආනයනය කිරීම සඳහා ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් නොගෙවීම හේතුවෙන් මෙම හිඟ මුදල එකතු වී ඇතැයි වාර්තා වේ.
මෙම සහල් ආනයනය කළ ආයතන දෙක සහල්වලින් පාඩු ලැබීම හේතුවෙන් මෙම ණය ගෙවා නැති බව ද එම වාර්තා සඳහන් කරයි.
එම කෝටි ගණනක ණය බැංකු දෙකට ආපසු ගෙවීම සඳහා වසර 5 ක සහන කාලයක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ද ඉල්ලීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1047
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස රාජ්‍ය බැංකු දෙකට කෝටි ගාණක් ණයයි