(නිශාන්ත කුමාර බණ්ඩාර)
කොළඹ වරාය නගරය ඉඳිකිරීමේ දී අලුතින් එකතු කරන ලද භූමිය ඉඩම් කොමසාරිස්වරයාට පැවරීමෙන් පසු අදාළ ව්‍යාපෘතියට බාරදීමට යන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා භූමියේ සිට නාවික සැතපුම් 200ක මුහුදු තීරයක් ශ්‍රී ලංකා රජය සතු නිසා එය ජනාධිපතිවරයා යටතට පත් කර ඉඩම් කොමසාරිස්වරයා වෙත මුදාහැරිය යුතු බවට යෝජනාවක් ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. මීට අමතරව අලුතින් එකතු කරන ලද භූමිය ලංකා සිතියමේ සලකුණු වී නැති බැවින් ඒ සඳහා ද ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් යෝජනා වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.