(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය රජයට රතු එළියක් පෙන්වා ඇතැයි වාර්තා වේ.
උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළද, වසර තුන හමාරක් ඉක්ම ගොස් ඇතත්, ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රජය අපොහොසත් වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායකයින්, ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයින්ට දන්වා ඇතැයි ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කරන ලද කමිටු මගින් ඉදිරිපත් කර ඇති වාර්තා නවය සැලකිල්ලට ගෙන පොදු යෝජනාවලියක් සකස් කිරීමට ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවේ අවධානය යොමු වී ඇති බවද එම ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd