(අජන්ත කුමාර අගලකඩ)
සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණවලට තරග කිරීමට නොහැකිවන සේ පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
ඒ සඳහා 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතට සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමට නොහැකිවන සේ නව නීතියක් ඉකුත් රජය සමයේ 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන්නේය. මේ තත්ත්වය මත ක්ෂේත්‍ර නිලධාරින් රැසකට 2018 පෙබරවාරි පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබිණි.
රජයේ ක්ෂේත්‍ර නිලධාරින් පළාත් පාලන මැතිවරණවලට තරග කරන්නේ නම් මැතිවරණයට නාමයෝජනා භාර ගැනෙන දිනට වසරකට පෙර සිය තනතුරුවලින් ඉවත් විය යුතු බව 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න තහනම් නීතිය ඉවත් කරන්න යයි