(නිශාන්ත කුමාර බණ්ඩාර)
මේ දිනවල පවතින කොරෝනා වයිරසය හමුවේ මාළු මිල අධික ලෙස පහත වැටීම නිසා ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට පියවර ගැනේ.
මේ පිළිබඳව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් මගින් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ධීවරයන්ගෙන් ධීවර සංස්ථාව මිලදී ගන්නා මාළු සඳහා කිලෝව රුපියල් 15කින් මිල වැඩිකර මිලදී ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය උපදෙස් දී තිබේ.
එ් අනුව සංස්ථාව විසින් රුපියල් 350/-කට මිලදී ගන්නා කෙලවල්ලන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 365/-කට මිලදී ගැනීමට කටයුතු කර ඇත.
දැනට කැබිනට් මණ්ඩලය විසින් මාළු මිලදී ගැනීමට ධීවර සංස්ථාවට ලබාදී ඇති මිලියන 600ක මුදල භාවිතා කොට අත්‍යවශ්‍ය මාළු මිලදී ගන්නා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd