මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර තම සන්ධානයේ සහය කාට ලබා දෙන්නේද? යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
තවම ස්ථිර තීරණයක් ගෙන නැති අතර මේ සම්බන්ධව සාකච්ඡා කෙරෙමින් පවතියි.
බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට නම් බොහෝ දුරට දෙමළ සන්ධානයේ සහය වැදගත් වෙයි.
ආණ්ඩුව දක්වන ප්‍රතිචාර හා ඔවුන්ගේ ක්‍රියා කලාපයත්, විපක්ෂයේ හැසිරීමත් පිළිබඳ මේ දිනවල අධ්‍යයනය කරමින් සිටියි.
ඒ අනුව තම සන්ධානයේ සහය ආණ්ඩුවට හෝ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීන්දුවක් ගෙන නැත.
තම සන්ධානයේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් තනි පක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොහෝ නවක මුහුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන බවත් මෙවර වතුකරයේද තම සන්ධානය ව්‍යාප්ත කිරීමට අදහස්කර ඇති බවත් දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ සන්ධානයේ සහාය ගැන තවම තීරණයක් ගෙන නැහැ