(දයාසීලි ලියනගේ)
දේශපාලනික වශයෙන් ඉදිරි සතිය තුළ වෙනස්කම් රාශියක් සිදුවනු ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළත් පරාජය වුවත් දේශපාලනික වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවනු ඇතැයි සඳහන් වේ.
විශ්වාසභංග යෝජනාව ජයගතහොත් අග්‍රාමාත්‍යවරයා ඉවත්වී අමාත්‍ය මණ්ඩලය ඒ මොහොතේ සිටම අහෝසි වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමත් ඉන් පසුව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමත් සිදුවනු ඇත.
විශ්වාසභංග යෝජනාව පරාජය වුවත් අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කම් සිදුවන අතර ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැති තනතුරු ගණනාවක් වෙනස්වනු ඇතැයි සඳහන් වේ.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධව සිටින ඇමැතිවරුන් ගණනාවක්ම ඒකාබද්ධ විපක්ෂය සමඟ විපක්ෂයේ අසුන් ගැනීම සිදුවන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd