ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහ සමුළුව අද (08) සවස 2.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙති.
මෙම ජාතික මහා සමුළුවේ දී රට ගොඩනැගීම සඳහා වූ උපාය මාර්ගික යෝජනා 11ක් සහිත යෝජනාවලියක් සම්මත කර එය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd